ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉදිරිපත් කිරීම සුදුසු බවට සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අතර කතාබහක් ඇතිවී තිබෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්කල යුතු 'පොදු අපේක්ෂකයා' සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නියෝජිතයින් අතර මේවනවිටත් සාකච්ජා වටයක්
ආරම්භ වී ඇති අතර එහිදී මහින්ද දේශප්‍රිය මහතාගේ නම ද යෝජනා වී ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී ද පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කල යුතු බවට ජනමතයක් ඇති කිරීමට මෙම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් කටයුතු කළේය.
මරණයට සහ රටේ විනාශයට හේතුවක්!
මේ අතර ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ, රටක ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය සහ ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමට නම් නිසි කලට සහ නිසිලෙස මැතිවරණ පැවැත්විය යුතු බවයි. මැතිවරණ කල් දැමීමට ක්‍රියාකළහොත් එය මරණයට සහ රටේ විනාශයට හේතුවක් වන බව ඔහු අවධාරණය කර සිටියි.
ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් "සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඡන්ද බලය මත රඳා පවති" යන මැයෙන් අනුරාධපුර දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලය සහ අනුරාධපුර මැතිවරණ කාර්යාලය මගින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම සම්මන්ත්‍රණය ඉකුත් 07 වැනිදා මැදවච්චිය මෛත්‍රිපාල සේනානායක මධ්‍ය විද්‍යාලයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්‌වූ ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
''ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පදනම ජනතාවගේ කැමැත්ත විය යුතුයි. එනම් පාලනයේ පදනම ජනතාවගේ කැමැත්ත විය යුතුයි. එම කැමැත්ත නිසි කලට පැවැත්වෙන ඡන්ද විමසීම්වලින් ප්‍රකාශ විය යුතුයි. හැමදාම ඡන්ද විමසීම් කල් තැබූ රටවල්වල විනාශයක් ඇතිවුණා.
කිසිදු මැතිවරණයක් කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ගුණාංගවලට ඉදුරාම පටහැනි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අපි ප්‍රසිද්ධියේ කියනව. ඒ බව අපි දේශපාලන පක්‍ෂවලට ලිඛිතව දැනුම්දී තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්ද බලය, ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමට නම් නිසිකලට මැතිවරණ පැවැත්විය යුතුයි.''
-srilankamirror
Jun 11, 2018
පොදු අපේක්ෂකයා ලෙස මැකෝ ගෙන ඒමේ සුදානමක් !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
