එක්සත් ජාතික පක්යේ පසුපෙළ මන්ත්‍රීවරු හය දෙනෙකු අද (12) දිනයේදී නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
රංජිත් අලුවිහාරේ, බුද්ධික පතිරණ, අජිත් මාන්නප්පෙරුම, එඩ්වඩ්
ගුණසේකර, ලකී ජයවර්ධන සහ නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරු නියෝජ්‍ය ඇමතිවරු ලෙස ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දීමට සූදානම් බවයි පැවසෙන්නේ.
මෙම කණ්ඩායම එජාප ප්‍රතිසංස්කරණ කටයුතුවලට යටත්ව වත්මන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට මාධ්‍ය හමුවේ දැඩි ලෙස කියා සිටි මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් ඔවුන් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය අමාත්‍යංශය, වතු යටිතල පහසුකම් අමාත්‍යංශය, කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍යංශය, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ හයක් සඳහා නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස පත්කෙරෙනු ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ.
එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිර්දේශ මත අග්‍රාමාත්‍යවරයා විසින් මේ වනවිටත් අදාළ මන්ත්‍රීවරුන් පිරිස තෝරාගෙන තිබේ. කෙසේ වෙතත් ඔවුන් කවුරුන්ද යන්න තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැත.
Jun 11, 2018
එජාපයේ 6ක් අද නියෝජ්‍ය ඇමති ධුරවල දිවුරුම් දෙයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
