සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට අදාළවන බදු පනත් දෙකක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ඇත්තේ එම වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ පවසනවා.
මෙහිදී වසන්ත සමරසිංහ කියා සිටියේ මෙම ගිවිසුම මගින් ඉදිකිරීම්
ක්‍ෂේත‍්‍රය, බලශක්ති ක්‍ෂේත‍්‍රය පරිසර ක්‍ෂේත‍්‍රය, මූල්‍ය ක්‍ෂේත‍්‍රය, බුද්ධිමය දේපළ වෙළඳ ප‍්‍රචාරණය, නිෂ්පාදන ක්‍ෂේත‍්‍රය, විද්‍යා හා තාක්‍ෂණ, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, ප‍්‍රවාහන හා යටිතල පහසුකම් ඇතුළු ක්‍ෂේත‍්‍ර ගණනාවක් ආවරණය වෙන බවයි.
ගිවිසුමට අනුව සිංගප්පූරුවට අපේ රටේ සියලූම ආර්ථික ක්‍ෂේත‍්‍රයන්වලට මැදිහත්වීමට අවස්ථාව උදාවනවා. ඊට අමතරව මෙම සිංගප්පුරු ගිවිසුමට ආණ්ඩුව අපද්‍රව්‍ය වර්ග 64ක් ලංකාවට ගෙන ඒමේදී බදු නිදහස් කොට තිබෙන බවයි.
" ඇතැම් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින්න බැහැ. ලොකයේ අපද්‍රව්‍ය බැහැරකිරීම් පිළිබඳව සීමා තිබෙනවා. එසේ තිබියදී මෙම ගිවිසුම මගින් ලංකාව ආසියාවේ කුණු වළ බවට පත්කරන්න අවස්ථාව හදලා දීලා තිබෙනවා. කොණ්ඩය කැපීමෙන් ඉවතලන ද්‍රව්‍යවල සිට නාගරික අපද්‍රව්‍ය, වැසිකිලි අපද්‍රව්‍ය, රෝහල් අපද්‍රව්‍ය වැනි සියලූම අපද්‍රව්‍ය සඳහා බදු නිදහස් කොට තිබෙනවා" යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම මෙම සිංගප්පුරු ගිවිසුම කාල සීමාවක් නොමැතිව කි‍්‍රයාත්මක වීමට නියමිතව තිබෙනවා. ලංකාව විසින් මෙම ගිවිසුම අවසන් කිරීමට තීරණය කළහොත් සිංගප්පූරුවට ආර්ථිකය සම්බන්ධයෙන් ඇති ආරවුල් බේරුම්කරණ අධිකරණයට ගොස් වන්දි ලබාගත හැකියි. ඒ අනුව සිංගප්පූරුව තීරණය කරන අලාභයක් ලංකාව විසින් ගෙවීමට සිදුවෙනවා. අසීමිත කාල සීමාවකට සිංගප්පූරුව ලබන පාඩුව අපි වැනි රටක් ගෙවන්නේ කොහොමද? ඒ අනුව අකැමැත්තෙන් හෝ ගිවිසුම පවත්වා ගෙන යාමට සිදුවෙනවා. විවිධ සම්මුතීන් හරහා මෙම ගිවිසුමට අපේ රට හිර කරලා තිබෙනවා. එම නිසා මෙම ගිවිසුමේ කරුණු වෙනස් කළ යුතුව තිබෙනවා. මෙම ගිවිසුම පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන්කළ යුතුව තිබෙනවා. ඒ වගේම මෙම ගිවිසුමට එරෙහිව නඩු ගොනුකොට තිබෙනවා. එම නිසා ගිවිසුමේ කරුණු සමාලෝචනය කර වෙනස් කළ යුතුව තිබෙනවා. අපේ රටේ ගොවියාගේ සිට කාර්යාල සහකාර දක්වා මෙම ගිවිසුමෙන් අවදානමට ලක්කොට තිබෙනවා. සියලූම ශ‍්‍රමිකයින් පිටරටින් ගෙන්වන්න අවස්ථාව තිබෙනවා යැයි වසන්ත සමරසිංහ වැඩිදුරටත් කියා සිටියා.
Jun 12, 2018
Home
slide
සිංගප්පුරු ගිවිසුම හරහා ලංකාව ආසියාවේ කුණු ගොඩ බවට පත්කරන්න ආණ්ඩුව කටයුතු කරනවා - වසන්ත සමරසිංහ
සිංගප්පුරු ගිවිසුම හරහා ලංකාව ආසියාවේ කුණු ගොඩ බවට පත්කරන්න ආණ්ඩුව කටයුතු කරනවා - වසන්ත සමරසිංහ
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
