ඒකාබද්ධ විපක්ෂ සාකච්ඡාවේදී මහින්දගෙන් හෙළිදරව්වක් - Neth News Blog

Jun 12, 2018

ඒකාබද්ධ විපක්ෂ සාකච්ඡාවේදී මහින්දගෙන් හෙළිදරව්වක්

ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ හිමි තුනෙන් දෙකේ බලය බිඳ දැමීම සම්බන්ධයෙන් ඊයේ (12) පස්වරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා.

ඊට අතිරේක තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී
සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල අප කළ විමසීමකදී කියා සිටියේ.

එහිදී "ආණ්ඩුව විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයටත් හොරෙන් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතා අපිට දැනුම් දුන්නා. එය පරාජය කිරීමට නම් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ හිමි තුනෙන් දෙක අහිමි කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත උද්ඝෝෂණ මාලාව පිළිබඳවත් සාකච්ඡා කළා." යනුවෙනි.

දකුණු පළාත ඇතුළුව තවත් ප‍්‍රදේශ කිහිපයක ව්‍යාප්ත වී ඇති වසංගත රෝග තත්ත්වය පාලනය කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.