රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන් හට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි කතරගම ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළා.
පොලිසිය සඳහන් කරන්නේ කිරිවෙහෙර විහාරස්ථානය අසලදී මෙම
වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉන් කිරිවෙහර විහාරාධිපති ස්වාමින් වහන්සේ සහ තවත් එක් හිමිනමක් තුවාල ලබා දෙබරවැව මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව හම්බන්තොට රෝහලට මාරුකර යවා ඇති බවයි.
හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ධනුෂ්ක පෙරේරා අප කළ විමසීමකදී සඳහන් කලේ කිරිවෙහෙර විහාරාධිපති ස්වාමින් වහන්සේගේ උදරයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. මේ වන විට උන්වහන්සේ හට වෛද්‍ය ප්‍රතිකාර සිදුකරමින් පවතින බව ඔහු සඳහන් කළා.
මේ අතර අනෙක් හිමිනමගේ පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් උන්වහන්සේ හටද ප්‍රතිකාර සිදුකරමින් පවතින බවයි හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ධනුෂ්ක පෙරේරා ප්‍රකාශ කර සිටියේ.
වෙඩි තැබීමට පුද්ගලයින් තිදෙනෙක් පැමිණ ඇති අතර ඔවුන් ජීප් රථයක නැගී පළා ගොස් ඇති බව තොරතුරු අනාවරණය වී ඇති අතර මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටියා..
Jun 12, 2018
පාතාලයෝ නොනැවතේ.. කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබති.. වහාම රෝහලට..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
