නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපනය, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු ඇමැති ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් හේතුවෙන් ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත් බව වාර්තා වේ.
ස්වාමිනාදන් ඇමැතිවරයා කැබිනට් මණ්ඩල සන්දේශයෙන් යෝජනා කර
තිබෙන්නේ යුද්ධයෙන් මියගිය අයගේ පවුල්වලටත් ආරක්ෂක අංශවලට භාර වූ එල්ටීටීඊ සාමාජිකයන්ගේ පවුල්වලට සහ හානි පැමිණි ආගමික ස්ථානවලටත් වන්දි ගෙවීමක් සිදුකළ යුතු බවයි.
මේ අවස්ථාවේ ඇමැතිවරුන් කීප දෙනකුම දැඩි ලෙස ඊට විරෝධය පා ඇති අතර එක් ඇමැතිවරයකු විමසා තිබෙන්නේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ඝාතනයට වගකිවයුතු බාබුගේ පියාට සහ මවටත් වන්දි ගෙවනවාද කියායි.
මෙම යෝජනාව අනුමත කළ නොහැකි බව ජනාධිපතිවරයාත් ඇමැතිවරුන්ගෙන් බහුතරයකුත් ප්‍රකාශ කළ බවද වාර්තා වේ.
- මවුබිම
Jun 12, 2018
ස්වාමිනාදන්ගේ යෝජනාවෙන් කැබිනට් එක ඇවිලෙයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
