බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන්නේ ආරච්චිකට්ටුව පොලිසිය බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. ඒ අනුව අප අද
(07) අලූයම ආරච්චිකට්ටුව පොලිසිය ඇමතුවා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.
රිය අනතුරෙන් තුවාල ලැබූ ඔහුද හලාවත රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා. ඔහු සිය කැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ දුරකතනයට අද අලූයමද ඇමතුමක් ලබාගත්තා. ඊට ප‍්‍රතිචාර දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේ පුත‍්‍රයා මේ දක්වා නිවසට පැමිණ නොමැති බවයි.
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා පැදවූ අමාත්‍යංශයකට අයත් කැබ් රථයක් ඊයේ (06) අලූයම අනතුරකට ලක් වුණා. ඒ, හලාවත - පුත්තලම ප‍්‍රධාන මාර්ගයේ බංගදෙණිය ප‍්‍රදේශයේදීයි. වේගය පාලනය කරගත නොහැකි වීමෙන් කැබ් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල පිහිටි නිවසකට කඩාවැදී තිබුණා.
අනතුරෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා මෙන්ම පුත්තලම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද තුවාල ලැබූවා. කෙසේ වෙතත් නිවසේ කිසිවෙකුටත් අනතුරෙන් තුවාල සිදුව නැහැ. රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා රිය අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිට ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින්ද තහවුරු වී ඇතැයි සඳහන්. ඔහු පැදවූ කැබ් රථය පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර කටයුතු කළ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යංශයට අයත් එකක් බවටයි පැවසෙන්නේ.
මීට පෙර ආණමඩුව ඉගිනිමිටිය ප‍්‍රදේශයේ දී ද රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා ගමන්ගත් මෝටර් රථයක් අනතුරකට ලක්වී එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු තුවාල ලැබුවා.
-nethnews
Jun 6, 2018
පාලිත රංගේ බණ්ඩාරගේ පුතා අාගියඅතක් නෑ
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
