අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් හි සභාපති ධූරයෙන් ඉවත්වීමට සිදුවූ තිලංග සුමතිපාල මහතා එම ධූරය අත්හැර යාමට පෙර සිය සමීපතයන් දෙදෙනෙකුට අයථා ලෙස වැටුප් වර්ධක ලබාදී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක - ඇෂ්ලි ද සිල්වා හට ඔහුගේ වැටුපෙන් 40% ක වැටුප් වර්ධනයක් ද එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී - ජෙරොම්
ජයරත්න හට සිය වැටුපෙන් 15% ක වැටුප් වර්ධනයක් ද මේ අයුරින් ලැබී ඇත.
කෙසේවුවද, පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් හි කිසිඳු සේවකයින්ට වැටුප් වර්ධක ලැබී නැති බව ද පැවසේ.
මේ පිළිබඳව වාර්තා කරන ‘ක්‍රිකට් ඒජ්’ වෙබ්අඩවිය සඳහන් කර සිටින්නේ මෙම වැටුප් වර්ධක ලබා දී ඇත්තේ නිසි ක්‍රියාපටිපාටියකින් තොරව බවයි.
‘ක්‍රිකට් ඒජ්’ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි වැටුප් වර්ධක ලබාදීමට පෙර අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් විධායක කමිටුව හා සකච්ඡා කළ යුතු බවට එම ආයතනයේ ව්‍යවස්ථාවේ සඳහන් වී තිබුණද, ඇෂ්ලි සහ ජෙරෝම්ගේ වැටුප් වර්ධක සම්බන්ධයෙන් එවැන්නක් සිදුවී නැති බවයි.
සුමතිපාල මහතාගේ මෙම අත්තනෝමතික තීරණය, ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඇතැම් විධායක කමිටු සාමාජිකයන් ගේ විවේචනයට ලක්ව ඇති බවද වාර්තා වේ.
Jun 6, 2018
තිලංග යන්න කලින් පඩි වැඩි කළ 2කගේ නම් එළියට !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
