ඩිලාන් දුමින්ද ගැටුමක් - ඩිලාන් පසුබසී - Neth News Blog

Jun 8, 2018

ඩිලාන් දුමින්ද ගැටුමක් - ඩිලාන් පසුබසී

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක තමා සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වීම අනවශ්‍ය කි‍්‍රයාවක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා පවසනවා. අමාත්‍ය දුමින්ද දිසානායක ඩිලාන් පෙරේරා මන්ති‍්‍රවරයාගෙන් ඉල්ලා සිටියේ හැකිනම්
මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වන ලෙසයි.

නිදහස් පක්ෂයේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපතිවරයා බවට ඩිලාන් පෙරේරා මන්ති‍්‍රවරයා පිළිනොගන්නා බව පැහැදිලි වන්නේ යැයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

අමාත්‍ය දුමින්ද දිසානායකගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වීම අවශ්‍ය නොවන බවයි අප කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා කියා සිටියේ.