බැඳුම්කර සිද්ධියට අදාළ මෙතෙක් මැතිසබයට ඉදිරිපත් කොට නොමැති සියලු රහස්‍ය ලේඛන ලබන සතියේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම හෙළිදරව්වෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ගෙවීම් ලැබූ අයගේ නම් ගම්ද ඇලෝෂියස්ලා සමඟ දුරකතන සබඳතා පැවැත්වූ අයගේ නම්
ගම්ද හෙළිදරව් කෙරෙනු ඇතැයි පැවසේ.
පසුගියදා කතානායකවරයාගේ ඉල්ලීම අනුව මෙතෙක් ජනාධිපති ලේකම්වරයා භාරයේ පැවති සී.350 - සී.360 රහස්‍ය ලේඛන කතානායක කාර්යාලයට භාර දී තිබිණි.
කෙසේවුවද, එම ලේඛන ප්‍රමාණවත් නැතැයි පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් ගණනාවක්ම දැනුම්දීම නිසා මෙතෙක් හෙළිදරව් නොවූ අතිශය සංවේදී තොරතුරු ඇතුළත් ඉතිරි රහස්‍ය ලේඛනද ඉක්මණින් ලබාදෙන ලෙස කතානායකවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
කතානායකවරයාගේ ඉල්ලීම අනුව එම ලේඛන පාර්ලිමේන්තුවට ලබාදෙන බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබිණි. එහෙත් ඔහු නිල කටයුත්තක් සඳහා විදේශ ගතවීම හේතුවෙන් මෙම සතියේ අදාළ රහස්‍ය ලේඛන ලැබුණේ නැත.
එසේ වුවත් ඉදිරි සතියේ ජනපති ලේකම්වරයා පැමිණි පසු අදාළ ලේඛන පාර්ලිමේන්තුවට ලැබෙනු ඇතැයි කතානායක කාර්යාලය වැඩිදුරටත් කියයි. එම ලේඛන ලද විගස විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා පක්ෂ නායකයන්ට තොරතුරු ඉදිරිපත් කොට මීළඟ මැතිසබා රැස්වීමේදී ඒවා සභාගත කිරීම ගැන තීන්දුවක් ගැනීමට නියමිතය.
එලෙස බැඳුම්කරයට අදාළ රහස්‍ය ලේඛන ලැබෙන තෙක් නිකරුණේ මැති ඇමැතින්ගේ නම් කියමින් චෝදනා නැගීමෙන් වළකින ලෙස කතානායකවරයා ඇමැතින්ගෙන් හා මන්ත්‍රීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මැතිසබයට වාර්තා ඉදිරිපත් කිරීමට අමතරව රහස් පොලීසිය මේ ගැන කරන පරීක්ෂණවලින් නිතිපතා ලැබෙන තොරතුරු දෙසතියකට වරක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කෙරෙයි.
ඒ අනුව දෙසතියකට වරක් පරීක්ෂණවලදී හෙළිවන පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙතින් ප්‍රතිලාභ ලබාගත් මැති ඇමතින් හා සමාජ ප්‍රභූන්ගේ නම් ගම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීන්දු කර ඇතැයි වාර්තා වේ.
Jun 8, 2018
බැඳුම්කර රහස් එන සතියේ එළියට !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
