පොලිස් කොමිෂන් සභාව විසින් ගනු ලබන තීරණ පොලිස්පතිවරයා විසින් දිගින් දිගටම ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නොපමාව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එම කොමිෂන් සභාවේ සභාපති පී.එච්.මනතුංග මහතා පවසයි.
පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
තනතුර දක්වා පත්කිරීම, මාරු කිරීම, උසස් කිරීම, විනය පරීක්ෂණ ආදී සියල්ල සම්බන්ධ පූර්ණ බලතල තිබෙන්නේ පොලිස් කොමිෂන් සභාවට බැවින් පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ රාජකාරී යළි අත්හිටුවීමට පොලිස්පතිවරයාට කිසිසේත් බලතල නොමැති බවද ඔහු සඳහන් කළේය.
එබැවින් පොලිස්පතිවරයා විසින් සිදුකර ඇති එම සේවය අත්හිටුවීම සම්පූර්ණ වැරදි සහගත ක්‍රියාවක් බවට නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම මේ සම්බන්ධව පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින් සමග සාකච්ඡා කර සති අන්තය වන විට නිවැරදි පියවර ගන්නා බව ද පී.එච්.මනතුංග මහතා ප්‍රකාශ කළේය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාට පොලිස් කොමිෂන් සභාව විසින් ලබා දුන් උසස් වීමද පොලිස්පතිවරයා මෙතෙක් නිවේදනය කර නැති අතර පොලිස්පතිවරයා මෙලෙස පොලිස් කොමිෂන් සභාවේ තීරණ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව ලයිස්තුවක් සහිත ලිපියක් පසුගිය දිනෙක කතානායකවරයාටද භාර දීමට කටයුතු කළ බවත් පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
(රාවය)
Jun 8, 2018
පොලිස්පති රතු ඉර පනී !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
