උසස් අධ්‍යාපන හා සංස්‌කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිදු කළ ප්‍රකාශයක් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.
එනම් ඔළුවිල් විශ්වවිද්‍යාලයේ මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට යොදා ගැනීමේ චෝදනාවට ලක් වූ ආචාර්යවරයකු එක්‌සත් ජාතික පක්‍ෂයේ නවක මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සම්බන්ධව තමන් මවිත වන බව
විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයා ඊයේ (08 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසීමයි.
විශ්වවිද්‍යාලයේ මුදලින් නිවාස නඩත්තු කිරීම, විදුලි බිල් ගෙවීම ආදී චෝදනා මෙම ආචාර්යවරයාට එල්ල වී ඇති බවත් ඒ ගැන කෝප් කමිටුව විසින් ද පරීක්‍ෂණ පවත්වන බවත් කී අමාත්‍යවරයා ඔහුට එරෙහි විශාල චෝදනා පත්‍රයක් නිකුත් කර තිබෙන බව ද කීවේය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ද මෙම පුද්ගලයාට එරෙහිව පරීක්‍ෂණයක් පවත්වන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළ ඇමැතිවරයා එවන් අයකු නවක මන්ත්‍රීවරයකු ලෙස එජාපයෙන් දිවුරුම් දීම එජාපයේම ඇමැතිවරයකු ලෙස තමන් පුදුම වන බව කීවේය.
ඔළුවිල් විශ්වවිද්‍යාලයේ මහා මාෆියාවක් ක්‍රියාත්මක වන බවද පාර්ලීමේන්තුවේ ප්‍රකාශ කළ ඇමැතිවරයා විභාග සමත් කිරීම සඳහා ඇතැම් ආචාර්යවරුන් සිසුවියන්ගෙන් දිගින් දිගටම ලිංගික අල්ලස් ඉල්ලා සිටින බව ද කීවේය.
තමන් පසුගියදා ඔළුවිල් විශ්වවිද්‍යාලයේ කළ සංචාරයකදී මේ බව හෙළිදරව් වූ බව අමාත්‍යවරයා පාර්ලීමේන්තුවේ ප්‍රකාශ කළ අතර ඇමතිවරයාගේ ප්‍රකාශය සමාජජාලාවන්හි බොහෝ සෙයින් කතාබහට ලක්ව තිබෙන අයුරු දැකගත හැකි වුනා.
Jun 8, 2018
Home
slide
"විශ්ව විද්‍යාල ආචාර්යවරු සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා" උසස් අධ්‍යාපන ඇමතිගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!
"විශ්ව විද්‍යාල ආචාර්යවරු සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා" උසස් අධ්‍යාපන ඇමතිගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
