බැදුම්කරයෙන් කොල්ල කා ඇත්තේ ජනතා මුදල් බවත්, ඒ මුදල් දැන දැනම මැතිවරණ ව්‍යාපාරවලට ගත්ත අයගේ සුදු පිරුවට පාට පක්ෂ පාට භේදයකින් තොරව ගලවා දැමිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, රුපියල් ලක්ෂ 56 ක ප්‍රතිපාදනයෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද කොටිකාවත්ත බෝගහවත්ත මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක් වෙමින්ය.
“මහබැංකු බැදුම්කරය වුනේ මාර්තු මාසේ, මැතිවරණය තිබ්බේ අගොස්තු මාසේ,එතකොට මහජනතාවගේ බදු මුදල් උඩ තියෙන මහ බැංකුව කොල්ලකෑවායි කියන මතය තමයි සමාජයේ ගියේ. මාර්තු මාසේ කොල්ල කාපු සල්ලි අගොස්තු මාසේ වෙනකොට එළිවෙලා තියෙනවා. ජනතාවගෙන් කොල්ල කෑ බව දැන දැනම කවුරුහරි තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඒ මුදල් අරගෙන තියෙනවා නම්, ඒ අයගේ සුදු පිරුවට පක්ෂ පාට භේදයකින් තොරව ගලවලා දාන්න ඕනේ. සාමාන්‍යයෙන් මැතිවරණකදී ව්‍යාපාරිකයෝ අපේක්ෂකයින්ට උදව් කරනවා. ඒ ක ඇත්ත හැබැයි තමන් ගන්නේ කාගේන් ද නොගන්නේ කාගෙන් ද කියලා තමන් දැන ගන්න ඕනේ. ඒක හරියට ගම්මන්පිල මහත්තයා රුපියල් 100 ගත්තා වගේ තමයි. ඒ රුපියල් 100 ඇතුලේ කුඩුවිකුණපු අයගේ, පාතාලයින්ගේ සල්ලි තියෙන්න පුළුවන්.ඒ හා සමානයි ඇලෝසියස්ගෙන් මුදල් ගැනීම. ඒ නිසා මේ 118 එළියට දැමීම අතිශයින්ම වැදගත් වෙනවා. මොක ද මේ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම හොරු ගානට වැටිලා තියෙනවා. ඒ අය දිහා වපර ඇහින් බලනවා. මං බය නැතිව කියනවා දේශපාලනයට ආපු වසර 03 තුළ මගේ අත් දෙකම පිරිසිදුයි ඇගිලි 10 පිරිසිදුයි.මගේ නියපොත්තේ වත් කුණු ගෑවිලා නෑ.ඒක මං වගකීමෙන් කියනවා. අනික මේවා හොද පාඩම් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලදී මුදල් ලබා ගන්න අයට. මොක ද හේතුව මැතිවරණ ව්‍යාපාරවලදී ගන්න හැම රුපියලකටම අපි වගකියන්න ඕනේ යැයි පැවසීය.”
Jun 11, 2018
Home
slide
ජනතාවගෙන් කොල්ල කෑ මුදල් ගත්ත අයගේ සුදු පිරුවට ගලවා දැමිය යුතුයි. - මරික්කාර් බැදුම්කර සුජීගේ රෙදි ගලවයි
ජනතාවගෙන් කොල්ල කෑ මුදල් ගත්ත අයගේ සුදු පිරුවට ගලවා දැමිය යුතුයි. - මරික්කාර් බැදුම්කර සුජීගේ රෙදි ගලවයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
