පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
බිලියන පනහක් රටට අහිමි වන විදුලි බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩර් මගඩිය
භාන්ඩාගාර බැදුම්කර වෙන්දේසියේ දී සිදුවූ බව කියන රුපියල් බිලියන
11කට අධික මූල්‍ය අක්‍රමිකතාවය පිළිබඳව මේ දිනවල සමාජය තුල විශාල කතා බහක් ඇතිවී තිබේ. එය මෙරට සිදුවු විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන. නමුත් පෙරකී බැදුම්කර වංචාව මෙන් තුන් ගුණයක් විශාල, එනම් රුපියල් බිලියන 50 (මිලියන 50,000) පාඩුවක් රටට සිදුවන මහා පරිමාණ මූල්‍ය වංචාවක් මේ වනවිට රට තුල සිදුවෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කෙරවලපිටිය ද්වි චකීය විදුලි බලාගාර ව්‍යාපෘතිය ලෙස හැදින්වෙන නව විදුලි බලාගාරය ඉදිකිරීම සදහා වන ටෙන්ඩර් පටිපාටිය හිතා මතාම පමා කිරීමට කටයුතු කිරීම හරහා මෙම මූල්‍ය වංචාව සිදුකිරීමට ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු එක්ව කටයුතු කරමින් තිබේ.
දීර්ඝ කාලයක් පුරා විවිධ හේතු මත පමා කරතිබූ මෙම ටෙන්ඩරය පසුගිය වසරේ අගභාගයේදී නීති විරෝධී ලෙස කොරියාවේ සැම්සුන්ග් සමාගමට ලබාදීමට දූෂිත නිලධාරීන් පිරිසක් විසින් කටයුතු සැලසුම් කල අතර තාක්ෂණික ඇගයීම් කමිටුව ලබා දුන් නිර්දේශ පවා නොතකා එම සමාගම වෙතම මෙම ඉදිකිරීම් ටෙන්ඩරය ලබාදීම ඔවුන්ගේ අරමුණ විය.
යම් හෙයකින් එම සමාගමට අදාළ ටෙන්ඩරය ලබා දුන්නේ නම් රටට දීර්ඝ කාලීනව සිදුවන පාසුව රුපියල් බිලියන 200 ඉක්මවන අතර දූෂණ විරෝධී ජනතාවගේ හඬ නැගීම හමුවේ එම කූඨ සැලසුම හකුලා ගැනීමට ඔවුනට සිදුවිය.
එම ටෙන්ඩර් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කල ජී එස් විතානගේ අදාළ ටෙන්ඩර් කමිටුවෙන් ඉල්ලා අස්වීම දක්වාම ගැටලුව දුරදිග ගිය අතර පසුව එම ටෙන්ඩරය තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ කර තිබූ සමාගම් අතරින් අඩුම මිල ඉදිරිපත් කල දේශීය සමාගමට ලබාදීමට අදාල අංශ තීරණය කරන ලදි.
නමුත් එම තීරණය නොතකා හැර, මෙම ටෙන්ඩරය චීන සමාගමක් වෙත ලබාදීම සඳහා විදුලි බල අමාත්‍යංශයේ ලේකම් ආචාර්‍ය සුරේන් බටගොඩ ඇතුලු පිරිසක් කූඨ ලෙස කටයුතු සැලසුම් කරමින් සිටියි.
මාස ගණනාවක් පුරා ප්‍රමාදයට ලක්වූ ටෙන්ඩර් ක්‍රියාදාමයේ අවසන් අදියරට පැමිණ තිබියදී එම ටෙන්ඩරය හිමිවීමට තිබූ දේශීය සමාගම ඉන් ඉවත් කරන ලෙසත් ටෙන්ඩරය තමා වෙත ලබා දෙන ලෙසත් චීනයේ ඨක්‍ඛ ක්‍යසබ් සමාගම විසින් අභියාචනාවක් මගින් ඉල්ලා සිටි අතර එය ජනාධිපති ලේකම් කාර්‍යාලය හරහා ක්‍රියාත්මක වන ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය වෙත යොමු කරන ලදි.
එහිදී පෙරකී චීන සමාගම සමාගමේ ටෙන්ඩරය අනුමැතියට සුදුසු බවත්, මෙම ටෙන්ඩරය ඔවුන්ට ලබා දිය යුතු බවටත් විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අමාත්‍යංශයේ මතය ලෙස සඳහන් කරමින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය වෙත රහසිගත ලිපියක්ද ලබාදුන් අතර ඒ පිළිබඳව විශයභාර අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා කිසිදු දැනුවත් කිරීමක් සිදුකරද නැත.
මෙවන් කරුණක් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය වෙත යොමු වූ විටදී ඔවුනට එම ටෙන්ඩර් ක්‍රියාවලිය නිත්‍යානුකූලද යන්න පිළිබඳව පමණක් සොයා බැලිය හැකි අතර එම ටෙන්ඩරයට අදාළ තාක්ෂණික ඇගයීම්කරණ ක්‍රියාවලියට බලපෑම් කල නොහැක.
නමුත් මෙහිදී විද්වත් මණ්ඩලයකගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුව පවා මින් පෙරදී අනුමත කල ටෙන්ඩර් යෝජනාවක් ඉවත් කොට ඒ වෙනුවට මින් පෙර කිසිදාකවත් ඛභඨ විදුලි බලාගාරයක් ඉදිකර නැති චීන සමාගමකට ටෙන්ඩරය ලබා දෙන ලෙසට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කරනු ලබන නිර්දේශයන් කිසිසේත්ම නීත්‍යානුකූල නොවේ’ එසේ නිර්දේශ කිරීමට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කිසිදු බලයක් නොමැත.
මෙහිදී විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බඩගොඩ විසින් චීන සමාගම සහ ඔවුන්ගේ දේශීය එජන්තවරයා සමඟ එක්ව ඔහුගේ සමීපතම හිත්වතෙකු වන ගුණසේකර මුලසුන දරණ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට බලපෑම් කර ඇති බවට අප වෙත වාර්තා වේ
දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වන මෙම විදුලි මාෆියාව විසින් ඉතාමත්ම සංවිධානාත්මකව සහ අත්තනෝමතික ලෙස මෙම බලාගාර ටෙන්ඩර් පටිපාටිය ප්‍රමාද කරමින් සිටින අතර ඉන් නොනැවති රටේ බලශක්ති ජනන ක්‍රියාවලිය විදේශ රටවල් වෙත පැවරීමට අවශ්‍ය කූඨ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියි.
මෙම විදුලි මාෆියාව පැතිරයාම ඉතා ඉක්මනින් අවසන් නොකලහොත් අපට අවාසනාවන්ත ප්‍රතිපල වලට මුහුණ දීමට සිදුවනු ඇත. රටට බිලියන ගණනක් අහිමිවන මෙම දූෂිත ටෙන්ඩරයට විරැද්ධව අප සංවිධානය අධිකරණය වෙත යාමට බලාපොරොත්තුවේ
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ
Jun 15, 2018
බැදුම්කර වංචාව මෙන් පස් ගුණයක් දැවැන්ත වංචාවක් හෙලිවෙයි..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
