මිහින්තලය පූජා නගරය ආසන්නයේ පිහිටි මහකනදරාව ජලාශය අවට හා පොතාන කැලෑවේ ගැවසෙන "සුදු දළයා" නමින් හඳුන්වන දැවැන්ත හස්තියා මරාදමා දළ යුගලය කපා ගැනීම සඳහා ඇත් දළ ජාවාරම්කරුවන් පිරිසක් මාන බලන බව ප්‍රදේශවාසීන් පවසයි.
සති කිහිපයක සිට කැබ් රථයකින් හා වෑන් රථයකින් මිහින්තලය
මහකනදරාව වැව ප්‍රදේශයට හා මිහින්තලය පොතාන ප්‍රදේශයට පැමිණෙන ඇත් දළ ජාවාරම්කරුවන් පිරිසක් බවට සැක කරනා පිරිස දැවැන්ත හස්තියා සැරිසරන ස්ථාන පිළිබඳ දැඩි විපරමෙන් සිටින බව ඔවුහු සඳහන් කළහ. මිහින්තලය මහකනදරාව වැව හා පොතාන ආශ්‍රිතව නිතර ගැවසෙන තේජසින් යුතු හස්තියා රැක ගැනීමට සියලුම වගකිව යුතු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බවට ඔවුහු අවධාරණය කළහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශයේ ගොවි පිරිසක්,
"අපි ගොවිතැන් කටයුතුවලට නිතරම ප්‍රදේශයේ සැරිසරන උදවිය. සති කිහිපයක් තිස්සේ ඉඳන් දිවා රාත්‍රියේ කිසියම් නාඳුනන කණ්ඩායමක් මිහින්තලය මහකනදරාව හා පොතාන යන ප්‍රදේශයේ සැරිසරමින් යමක් සොයනවා. පසුව තමයි අපිට වැටහුණේ මේ අය සොයන්නේ සුදු දළ ඇතා කියලා. අඩි 11ක් පමණ උස ශරීරය සුදට හුරු හස්තියා නිතරම වගේ මහකනදරාව වැවට වතුර බොන්න එනවා. පොතාන ප්‍රදේශයේ සැරිසරනවා. සමහර අවස්ථාවලදී අනුරාධපුරය ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගය ආසන්නයටත් එනවා.මේ සතාගේ ඇත් දළ යුගලය අඩි පහකට වැඩියි. දළ පූට්ටුවා කියපු ඇත් රජාට සමානයි මේ සතා. හොරොව්පොතාන හා මොරගාඩ ප්‍රදේශයේ ඇත් දළ ජාවාරම්කරුවන් පිරිසක් ඉන්නවා. ඒ පොලිසි දෙකේ ආශීර්වාදය මත තමයි මේ ජාවාරම්කාරයන්ට වැට බැඳෙන් නැත්තේ කියලා අපි දන්නවා".
"මේ ජාවාරම්කාරයන්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ මේ හස්ති රාජයාව. කොයි වෙලාවේ හරි මේ අහිංසක සතාට දළ දෙක නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. දවල් වරුවක හරි රෑ කාලේ හරි ජාවාරම්කරුවෝ ඇවිල්ලා වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරලා" යැයි යනුවෙන් ඔවුහු පැවැසූහ.
"මේ ජාවාරම්කරුවන් පිරිස අල්ල ගන්න නීතිය හරියට ක්‍රියාත්මක කරන, අනුරාධපුර කොට්ඨාස විමර්ශන අංශයේ නිලධාරීන්ට පරීක්‍ෂණයක් සිදුකරන්න රාජකාරි භාර දෙන්න කියලා අපි අනුරාධපුරය කොට්ඨාසය භාර පොලිස් අධිකාරිගෙන් ඉල්ලීමක් කරනවා" යනුවෙන් ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.
Jun 14, 2018
මිහින්තලේ සුදු දළයා වටෙත් සාහසිකයෝ කැරකෙයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
