මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කළැයි වරදකරුවු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්‍ත්‍රාත් උදේශ් රණතුංග මහතා එය මාස හයක
කාලයකදී ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය.
2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කළ බවට ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණි.
එම චෝදනාවලට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බව තීන්දු කළ අධිකරණය ජුනි 14 වෙනි දින එනම් අද දින එහිමියන්ට දඬුවම් නියම කරන බව පසුගිය මැයි 24 වැනි දින ප්‍රකාශ කළේය.
දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනාවලට ඥානසාර හිමියන් වරදකරු බව අධිකරණයේ නිගමණය වී තිබේ.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන්ට එරෙහිව අධිකරණ කීපයකම චෝදනා විභාග වූ නමුත්, එහිමියන් චෝදනාවකට වරදකරු බව තීන්දු කෙරුණ ප්‍රථම අවස්ථාව මෙය වේ.
Jun 14, 2018
ඥාණසාර හිමිට මාස 06ක් සිර දඬුවම් -අධිකරණයේදී දැන් ලැබුණු නියෝගය මෙන්න!
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
