ඥාණසාර හිමියන් බන්ධනාගාරය තුළ අලුත් වැඩක් පටන් ගනී - සිරකරුවන්ගෙන් ප්‍රතිකාරත් ගනී - Neth News Blog

Jun 15, 2018

ඥාණසාර හිමියන් බන්ධනාගාරය තුළ අලුත් වැඩක් පටන් ගනී - සිරකරුවන්ගෙන් ප්‍රතිකාරත් ගනී

සිරදඩුවමකට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් උන්වහන්සේ රදවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ ආගමික වතාවත්වල නිරත වී තිබෙනවා. එම වාට්ටුවේ රදවා සිටින අනෙක් සිරකරුවන්ට උන්වහන්සේ විසින් ඊයේ රාති‍්‍රයේ ධර්ම දේශණාවක්ද පවත්වා ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඉන්පසු එම පිරිසට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් භාවනා
වැඩසටහනක්ද පවත්වා තිබෙනවා. තමන් වහන්සේ බැලීම සදහා කිසිවෙකුටත් නොපැමිණෙන ලෙසට උන්වහන්සේ බන්ධනාගාර නිලධාරීන්ට දන්වා තිබුණා. මේ හේතුවෙන් වෛද්‍යවරුන්ටද උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කිරීමට නොහැකි වී ඇති බවයි පැවසෙන්නේ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ දෙපාවල හට ගෙන ඇති රෝගී තත්ත්වයටද ප‍්‍රතිකාර සිදුකරන්නේ උන්වහන්සේ සමග ආර් වාට්ටුවේ රදවා සිටින සිරකරුවන් බවද බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් සදහන් කළා.