අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබාගත් මැති ඇමැතිවරුන් ඇතුළු පුද්ගලයන් 118 දෙනකුගේ ලැයිස්‌තුවක් නොමැති බවට නීතිපතිවරයා පවා සනාථ කර තිබියදීත් ඇතැම් පුද්ගලයන් එය විශ්වාස නොකිරීම කනගාටුවට කරුණක් බව ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
නීතිපතිවරයාගේ කරුණු පැහැදිලි කිරීම් පවා මෙම පිරිස විශ්වාස
නොකරන්නේනම් ඔවුන් විශ්වාස කරන්නේ කවුරු කියන ප්‍රකාශදැයි ඒ පිළිබඳව හඬ නඟන අයගෙන් තමා ප්‍රශ්න කරන බවද හෙතෙම කීය.
අර්ජුන් ඇලෝසියස් මුදල් ලබාදුන් ලැයිස්‌තුව අද රටේ ප්‍රධාන මාතෘකාව වී ඇතැයි කී ජනාධිපති ලේකම්වරයා කටකතා විශ්වාස නොකරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙම ලැයිස්‌තුවේ අඩංගු නම් ගණන කොපමණ දැයි මෙතෙක් හෙළිවී නොමැති බවද සමහරු මේ නම් ලැයිස්‌තුව පිළිබඳව විවිධ ප්‍රකාශ කරන අතර පොලිසිය මේ පිළිබඳව නිවැරදි විමර්ශනයක් කරනු ඇතැයිද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
(දිවයින)
Jun 12, 2018
''118 ලැයිස්‌තුවක් නැහැ - නීතිපතිත් සනාථ කළා'' - ජනාධිපති ලේකම්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
