මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඕනෑම අවස්‌ථාවක අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබා දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය.
මෙම ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව
තමාගෙන් දිනයක් ඉල්ලා ඇතත් ඒ සඳහා තවමත් නිශ්චිත දිනයක් නොදුන් බවද රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
කාලයෙන් කාලයට රජය තමාගෙන් පළිගැනීමට මෙවැනි හිරිහැර සිදුකරන බවද කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොයි මොහොතක හෝ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව තමන් දැන සිටි බවද හිටපු ජනාධිපතිවරයා පැවසිය.
(දිවයින)
Jun 7, 2018
'ඕනෑම වෙලාවක සීඅයිඩියට යන්න මම සූදානම්' - මහින්ද
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
