උතුරු පළාතේ අනවසරයෙන් ඉදිකොට ඇති බෞද්ධ ආගමික ස්‌ථාන 131 ක් වහාම ඉවත් කිරීමට පියවර ගත යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී පී. රවිහරන් මහතා පෙරේදා
(6දා) පළාත් සභාවට යෝජනා කොට තිබේ.
මන්ත්‍රීවරයා කියා සිටින්නේ යුද්ධය අවසන් වීමෙන් පසුව උදා වූ වසර නවයක සාම කාලය ඇතුළත උතුරේ සිංහල බෞද්ධයන් නොමැති ප්‍රදේශවල බුදුමැඳුරු හා විහාරස්‌ථාන 131 ක් ඉදිකොට ඇති බවයි.
සිංහල බෞද්ධයන් විසින් මේ බුදුමැඳුර හා විහාරස්‌ථාන උතුරු පළාතේ බෞද්ධයන් නොමැති පළාත්වල ඉදි කරන්නේ ඔවුන්ගේ සිංහල බලය පෙන්වීමට බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මේ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණය වන්නේ උතුරු පළාත තුළ පසුගිය වසර නවය ඇතුළත ඉදිකොට ඇති බෞද්ධ ස්‌ථාන 131 න් 67 ක්‌ම මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ඉදිකොට තිබීම බවද හෙතෙම පෙන්වා දෙයි.
මේ බුදු පිළිම හා විහාරස්‌ථාන ඉදිකළ පළාත්වල සිංහල බෞද්ධයන් නොමැති නිසා ඒවා ඉවත් කිරීමට හෝ ඒවා ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමට උතුරු පළාත් සභාව වහාම පියවර ගත යුතු බව මන්ත්‍රීවරයාගේ අදහසයි.
සාමය එළඹීමට පෙර යුද සමයේදී උතුරේ බෞද්ධ ජනතාව වාසය නොකරන පළාත්වල මීට වඩා බෞද්ධ ස්‌ථාන ගණනාවක් පිහිටුවා ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියි.
Jun 7, 2018
‘සිංහල බෞද්ධයෝ බලය පෙන්වනවා‘ - උතුරේ විහාරස්‌ථාන 131 ක් ඉවත් කිරීමේ සූදානමක්..?
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
