ධනංජයගේ තාත්තාව මරපු 3 ක්‌ සිංගප්පූරුවට පැනලා - Neth News Blog

Jun 7, 2018

ධනංජයගේ තාත්තාව මරපු 3 ක්‌ සිංගප්පූරුවට පැනලා

ක්‍රිකට්‌ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වූ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කළ පාතාල කල්ලියේ සාමාජිකයන් තිදෙනකු රටින් පලා ගොස්‌ ඇති අතර තවත් තිදෙනකු වෙනත් වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වී සිටින බව පොලිසිය කළ
විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

මෙම ඝාතනය ගොනාකෝවිලේ අංජු නමැති පාතාල නායකයා මෙහෙයවන පාතාල කල්ලියේ සාමාජිකයන් හයදෙනකු විසින් සිදු කර ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

මෙහිදී නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනා වෙනත් වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව ඇති බවද පොලිසිය පවසනවා.

ඝාතනයෙන් පසු ඊට ආධාර අනුබල දුන් පාතාල සාමාජිකයන් තිදෙනකු මේ වනවිට හොර රහසේම සිංගප්පූරුවට පලා ගොස්‌ ඇති බවද හෙළි වී තිබෙනවා.

රන්ජන් ද සිල්වා ඝාතනය කළ පුද්ගලයන් සොයා ඔවුන් පදිංචි නිවාස සහ ආරක්‍ෂිත ස්‌ථාන රැසක්‌ පොලිසිය වටලා පරීක්‍ෂා කරද්දී ඔවුන් අතුරින් තිදෙනකු විදේශගතව ඇත. විදේශගතවීමට නොහැකිවූ පාතාල සාමාජිකයන් තිදෙනකු පෙර වැරදි සම්බන්ධයෙන් අධිකරණය වෙත භාර වී බන්ධනාගාරගත ව ඇති බවද අනාවරණය වී තිබෙනවා.