නක්ල්ස් රක්‍ෂිතයේ හෝටලයක් හදන්න අක්කර 35ක් දෙයි.. - Neth News Blog

Jun 16, 2018

නක්ල්ස් රක්‍ෂිතයේ හෝටලයක් හදන්න අක්කර 35ක් දෙයි..

නකල්ස් රක්‍ෂිත වනාන්තරයේ ස්වාරක්ෂක කලාපයට අයත් අක්කර 35ක භූමියක් සමාගමකට හෝටලයක් ඉදිකිරීමට ලබා දී ඇති බවට තහවුරු වී ඇති බව ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සදහන් කරයි.

නකලස් ස්වාරක්‍ෂිත කලාපයේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ මැදවත්ත වතුයායට අයත් කටාරම්තැන්න දන්කන්ද වැවද අයත් අක්කර 35 ක
ප‍්‍රමාණයක් 35 අවුරුද්දක බදු පදනම මත හෝටලයක් ඉදිකිරීමට සමාගමකට ලබා දී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල පැවසූ පරිදි නකල්ස් රක්ෂිත ඉඩම් ලබා නොදුන බව සම්පූර්ණයෙන් අසත්‍ය යයිද මන්ත‍්‍රිවරයා වැඩි දුරටත් කියා සිටී.