ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති නියෝජ්‍ය කථානායක තේරීම සදහා වන ඡුන්ද විමසීමේදී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය ලබා නොදී ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 18 දෙනෙකු සභාවෙන් ඉවත්ව ගියේ කාගේ උවමනාවටදැයි සැක මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන්
පෙරේරා මහතා පවසයි.
එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ඇතැම් පිරිසක් ඡුන්දය නොදීමද බරපතළ ප්‍රශ්නයක් යයිද ඔහු කියයි.
නියෝජ්‍ය කතානායකවරිය ලෙස සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත්කිරීමට ඡුන්දය දෙන්නැයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගේ උපදෙස් මත ඒකාබද්ධ විපක්ෂය විසින් ඒකමතිකව තීරණය කර තිබූ බවත් මන්ත‍්‍රිවරයා සදහන් කරයි.
නියෝජ්‍ය කතානායක ලෙස සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත් කිරීමට ඡුන්දය දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඒකමතික තීරණයක් ගත්තේ යයිද ඔහු කියා සිටී.
මේ අනුව පෙනී යන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් නොපිලිපදින කොටසක් මෙන්ම ඒකාබද්ද විපක්‍ෂය තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පිළිනොපදින කොටසක් සිටින බවයි.
Jun 6, 2018
මහින්දටත් උඩින් යන ඒකාබද්දයේ මන්ත‍්‍රින් 18…
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
