16 කණ්ඩායමෙන් නව දේශපාලන පක්‍ෂයක්.. නායකයා නොදනී.. - Neth News Blog

Jun 14, 2018

16 කණ්ඩායමෙන් නව දේශපාලන පක්‍ෂයක්.. නායකයා නොදනී..

අවශ්‍ය වුවහොත් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීමට සූදානම් බව ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැකි ඉක්මනින් ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීම තම කණ්ඩායමේ ප‍්‍රධාන ඉලක්කය යයිද ඔවුන් සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා මාධ්‍ය
අමතමින් මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් නව පක්‍ෂයේ නායකත්වයට පත් කරන්නේ කවුදැයි මන්ත‍්‍රීවරයා කිසිවක් සදහන් කලේ නැත.