විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම පිණිස 20 වන සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන්නේ ඔවුන් මේ වන විටත් පැටලී සිටින උගුලකින් බේරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .මරික්කාර් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, කොළොන්නාව කොටිකාවත්ත ප්‍රදේශයේ සංවර්ධනය වන මාර්ග කිහිපයක් නීර්ක්ෂණය කිරීමට එක්වෙමින්ය.
20 වෙනි සංශෝධනයට මං පෞද්ගලිකවම විරුද්ධයි. මොක ද හේතුව අපි දැක්කා පසුගිය කාලේ විශ්වාස භංගයේදී, එය ජයග්‍රහණය කිරීම සදහා විවිධ දේශපාලන පක්ෂ වලට පොරොන්දු ලබා දුන්නා බලය රැක ගැනීම සදහා. අනාගතේ ලංකාවේ නිර්මාණය වෙන්න තියෙන්නෙත් ද්වි පාර්ශවික දේශපාලන ක්‍රමයක් නෙමෙයි. බහු පාර්ශවීය දේශපාලන ක්‍රමයක්. ඒක තුළ කාටවත් බහුතරයක් නොලැබෙන වේලාවක විධායක ජනාධිපතිධූරය නැත්නම් උතුරේ ද්‍රවිඩ පක්ෂවල ඡන්දය අරගෙන ආණ්ඩු පිහිටුවන්න නොයෙක් පොරොන්දු දෙන්න පුළුවන්. ඒ නිසා මං පිරිසිදු ශ්‍රී ලාංකිකයෙක් හා පිරිසිදු දේශපාලනඥයෙක් ලෙස විධායක ජනාධිපතිධුරය අහෝසි කරන එකට විරුද්ධයි. අනෙක් එකට ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිතධූරය අහෝසි කරන්න ගේන්නේ ඒ අය පැටලිලා ඉන්න උගුලෙන් බේරෙන්නයි. මොකද හේතුව , ඊළග ජනාධිපතිවරණය ඉවර වුන ගමන් මහ මැතිවරණයක් වෙනවා.ඒකෙ දී දිනන කට්ටිය රැල්ලට දිනනවා.පරදින අයත් රැල්ලට පරදිනවා. ජනතා විමුක්ති පෙරමුණට මේ පාරටත් පොදු අපේක්ෂකයෙක්ට සහය දෙන්න බැරි වාතාරවණයක් රට ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා පක්ෂයේ අපේක්ෂකයෙක් දැම්මත් ඡන්ද ලක්ෂයකට වඩා ගන්නේ නෑ. ඒ නිසා ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රීකම් 06 , 01 ට අඩු වෙනවා යැයි පැවසීය.
Jun 13, 2018
Home
slide
ජවිපෙ දැනටමත් උගුලක පැටලිලා, ඒකෙන් බේරෙන්නයි 20 ගේන්නේ - පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්
ජවිපෙ දැනටමත් උගුලක පැටලිලා, ඒකෙන් බේරෙන්නයි 20 ගේන්නේ - පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
