බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අද (08) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේදීයි. රිය අනතුරෙන් තුවාල ලැබූ ඔහු හලාවත රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා.
පසුව ඔහු සිය කැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් තිබූ අතර ඒ
වනවිටත් රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගෙන තිබුණේ නැහැ. මෙම අනතුර සිදුව තිබුණේ ආරච්චිකට්ටුව පොලිස් වසමේ කෝට්ටපිටිය හංදියේදීයි. රිය අනතුර සිදුවන අවස්ථාවේ ඔහු සතුව තිබූ කඩුවක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාරගේ පුත‍්‍රයා මෙලෙස පදවා ඇත්තේ අමාත්‍යංශයකට අයත් කැබ් රථයක්. එහි වේගය පාලනය කරගත නොහැකි වීමෙන් කැබ් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල පිහිටි නිවසක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.
Jun 7, 2018
පොලීසියෙන් කට්ටි පැන්න රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා අත්අඩංගුවට
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
