මලියදේව සිසුවෙකුට දේශපාලන හයිය පෙන්නා ප්‍රා.ස අපේක්‍ෂකයෙකු අමානුෂිකව පහරදුන් හැටි මෙන්න - Video - Neth News Blog

May 2, 2018

මලියදේව සිසුවෙකුට දේශපාලන හයිය පෙන්නා ප්‍රා.ස අපේක්‍ෂකයෙකු අමානුෂිකව පහරදුන් හැටි මෙන්න - Video

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට තරඟකළ අපේක්‍ෂකයෙකු සුලූ සිද්ධියක් මුල්කරගෙන අමානුෂීය අන්දමින් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ශිෂ්‍යයෙකුට කුලියාපිටිය තිස්ස මාවතේදී පහරදුන් සිද්දියක් පිළිබඳව වාර්තාවනවා.

ඔහු මෙලෙස අමානුෂික ලෙස පහරදෙන ආකාරය අසළ තිබූ
වෙළඳසැලක ආරක්‍ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබෙනවා.

පහරකෑමට ලක්වූ සිසුවා සිද්ධිය වූ 28 දින කුලියාපිටිය මූලික රෝහලටත් ඉන් අනතුරුව කුරුණෑගල ශික්‍ෂණ රෝහලටත් ඇතුළත් කර ඇති අතර ඊයේ උදෑසනවන විටත් සිසුවා නේවාසිකව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.

සැකකාර අපේක්‍ෂකයා ප්‍රදේශය පලාගොස් ඇති අතර කුලියාපිටිය පොලිසිය මේ වනවිට ගැටුම වූ ස්ථානයට සැකකරු සමගින් පැමිණ ඇති බව කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබුණා.


 - hirugossip