පසුපෙල මන්ත‍්‍රින් 20ක අත්සනින් රනිල්ට ලිපියක්… එජාපය තීරණාත්මක තැනකට.. - Neth News Blog

May 2, 2018

පසුපෙල මන්ත‍්‍රින් 20ක අත්සනින් රනිල්ට ලිපියක්… එජාපය තීරණාත්මක තැනකට..

එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙල මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත ලිපියක් යැවීමට සූදානම් වෙයි.

පක්‍ෂයේ ප‍්‍රතිසංවිධානය සදහා තීරණාත්මක සාකච්චාවකට අවස්ථාවක්
ලබා දෙන්නැයි ඉල්ලමීන් එම මන්ත‍්‍රීවරුන් විසින් මෙම ලිපිය යොමු කිරීමට නියමිතය.

මන්ත‍්‍රිවරුන් 20කට ආසන්න පිරිසගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කිරීමට නියමිතය.

ප‍්‍රතිසංවිධානයට පෙර පොරොන්දු වූ පිරිදි සියළු කටයුතු සිදු විය යුතු බව මෙම මන්ත‍්‍රී පිරිසගේ අදහස වෙයි.

තම ඉල්ලීම් සදහා සාධාරණ ප‍්‍රතිචාර නොලදහොත් දේශපාලන තීන්දු ගන්නා බවට මෙම පිරිසෙන් වැඩි දෙනා දැනටමත් සදහන් කර ඇත.