මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් රණ මයුර සම්මානය සමග ප්‍රදානය කර තිබූ පදක්කමක් ඊයේ (02) දින අතුරුදන්ව ඇති බව බම්බලපිටිය පොලීසිය පවසයි.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිනමාවට නැගූ ගම්පෙරළිය
චිත්‍රපටය වෙනුවෙන් 1965 වර්ෂයේදී ඉන්දියාවේ නව දිල්ලි සිනමා උළලේදී රණ මයුර සම්මානයෙන් පිදුම් ලැබුවේය. එහිදී එම සම්මානය සමග හිමිවූ පදක්කම මෙසේ අතුරුදන්ව ඇත.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දින සිදු කෙරුනු අතර උදෑසන 10.15ත් 11.00ත් අතර කාලයේදී නිවසේ තිබූ මෙම පදක්කම අතුරුදහන් වී ඇති බවට ඒ මහතාගේ ඥාති දියණියක් ඊයේ සවස බම්බලපිටිය පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.
ඒ අනුව බම්බලපිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
May 2, 2018
අසහාය සිනමාවේදියා දැයෙන් සමුගනිද්දී සම්මානය හොරු ගනී…
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
