එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් ඉල්ලා අද දිනයේ ලිඛිතව ඉල්ලීමක් කිරීමට සුදානම් වේ.
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම
සඳහා එම ඉල්ලීම සිදුකරන බව පසුපෙළ මන්ත්‍රිවරයෙකු ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස්වී කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.
ඒ අනුව අදාළ ඉල්ලීම ඇතුළත් ලිපිය අද දිනයේදී අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතුව භාරදීමට කටයුතු කරන බවද එම පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පසුපෙළ වර්ජනයක :
මේ අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙන අතර පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙම සාකච්ඡාව වර්ජනය කර තිබිණ.
පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විසි (20) දෙනකු පමණ තමන් සමග එම තීරණයට එළැඹ සිටින බව මන්ත්‍රීවරිය බීබීසී සිංහල සේවයට ඊයේ රාත්‍රී (01) කියා සිටියාය.
May 1, 2018
එජාප පසුපෙළ ඇවිළේ : අගමැති හමුවීමට ඉල්ලයි !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
