අග්‍රාමාත්‍යවරයා සුපිරි දක්ෂයෙකු බවට කිසිදු විවාදයක් නොමැති බවත්, එසේම ඔහු වැනි දක්ෂයෙකු කෙදිනක හෝ පහළ නොවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ එම කාර්යාලයේදී ඊයේ (01දා) පෙරවරුවේ
පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කෙසේ වුවද බටහිරට ගැති කෙළි මඬලක් බවට රට පත් කිරීම හරහා අගමැතිවරයාගේ දක්ෂතාව රටට හානියක් ගෙන එන බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් එහිදී පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,
"අගමැතිතුමා සුපිරි දක්ෂයෙක්. ඒ ගැන කිසිම විවාදයක් නෑ. නමුත් ඒ දක්ෂතාව පාවිච්චි කරලා තියෙන්නේ මොකටද? මේ රට විනාශ කරන්න. බටහිරට ගැති කෙළි මඬලක් බවට පත් කරන්න. අන්න එතනදියි ඔහුගේ දක්ෂතාව රටට හානියක් වෙන්නේ" යනුවෙනි.
May 1, 2018
අගමැති වගේ සුපිරි දක්ෂයෙක් යළි බිහි වෙන්නේ නෑ - ගම්මන්පිල
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
