මිරිස්ස වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර ඇති හෝටල් 18 ක් අද(01දා) කඩා ඉවත් කිරීමට නියමිතව තිබුණද ආණ්ඩුවේ ප්‍රභල දේශපාලඥයෙකුගේ බලපෑමෙන් එය නවතා දමා ඇතැයි වාර්තාවේ.
පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මධ්‍යයේ මේවා කඩා ඉවත් කිරීමට සූදානම් කර තිබූ අතර ඒ සදහා පොලිස් විශේෂ කාර්ය
බලකා කණ්ඩායම් කිහිපයක් ද ඊයේ දිනයේ කොටවිල පොලිසිය වෙත පැමිණියේය.
මිරිස්ස සංචාරක පුරවරයට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබුණි.
ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සදහා වැලිගම ප්‍රාදේශීය දේශපාලඥයන් කිහිප දෙනෙකුට හා ඉවත් කිරීමට නියමිත හෝටල්වල හිමිකරුවන්ට එරෙහිව උද්ඝෝෂණ ,විරෝධතා හා සාමය කඩවන කිසිදු ක්‍රියාවක් සිදුනොකරන ලෙසට මාතර මහේසත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්ද පසුගිය සිකුරාදා දින ලබා ගත්තේය.
සියල්ල සූදානම්ව පවතිද්දී ආණ්ඩුවේ ඉහළ දේශපාලඥයෙකුගේ මැදිහත් වීමෙන් පොලිස් නිලධාරීන් හා විශේෂ කාර්යබලකා නිලධාරීන් ආපසු හරවා යවා ඇත.
රජයේ ඉහළ දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු හා තවත් ප්‍රබල දේශපාලඥයක් කිහිපදෙනෙකු මිරිස්සේ බීච් පාටි වලට සහභාගීවන බවත් ඔවුන් හෝටල් හිමියන් සමග ඉතා සමීපව ඇසුරු කරන බවත් ප්‍රසිද්ධ රහසකි. ඔවුන්ගේ දායකත්වයද මෙම තීරණයට බලපාන්නට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග,තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා හෝටල් හිමියන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට තීරණය කෙරුණි. ඒ අනුව හොටල් 18 ක් කඩා ඉවත් කිරීමට නියමිතව පැවතුනි.
මේ පිළිබදව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කියා සිටින්නේ සමහර හෝටල් හිමියන් දැනටමත් එවැනි ඉදිකිරීම් ඉවත්කරගෙන ඇති බවයි.
ඉතිරි අයද එසේම තම ඉදිකිරීම් ඉවත් කර ගැනීමට කාලය ඉල්ලාසිටි නිසා අද පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහන තාවකාලිකව කල් දැමූ බවත් මේ සදහා දේශපාලන බලපෑමක් නොමැති බවත් ඒ මහතා කියා සිටියි.
(ලංකාදීප)
May 1, 2018
අනවසර හෝටල් කැඩීම දේශපාලඥයෙකුගේ අණින් නවතී
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
