ජාතික සංවිධාන සම්මේලනය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
ශ‍්‍රී ලංකාද්වීපය තුළ වර්තමානයේ පවත්නා වාතාවරණය අනුව නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් හෝ අවශ්‍ය නොවන බවට ත්‍රෛනිකායික මහාසංඝ රත්නය විසින් ආණ්ඩුවට අනුශාසනා කොට
තිබිය දී 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැයි මස 08 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අදහස් පළ වෙමින් පවතී.
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සංයුතිය සහ ක‍්‍රියාකාරීත්වය පිළිබද ව රජයට එරෙහිව ගොඩනැගුණු මහජන විරෝධය නිසා එමගින් ඉටු කරගැනීමට බලාපොරොත්තු වූ අරමුණ වන බෙදුම්වාදී සංශෝධන ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සදහා දැන් මහජනයා නොමග යවමින් වෙනත් පාර්ශ්වයක් හරහා එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග කැස කවමින් සිටී.
වර්තමාන ආණ්ඩුව විසින් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුඵ අණපනත් සම්මත කරගැනීමේ දී මෙතෙක් අනුගමනය කළ කූඨ පිළිවෙළ ඒ ආකාරයට ම අනුගමනය කරමින් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවාගෙන කෙටුම්පතේ ඇතුලත් නොවන බෙදුම්වාදී සංශෝධනය කාරකසභා අවස්ථාවේ දී ඇතුල් කිරීමට බෙදුම්වාදී බලවේග කටයුතු කරනු ඇත.
රට අරාජිකත්වයට පත් කොට එහි ඉතිහාසය අවසානය කරා ගෙන යන බෙදුම්වාදී අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පිරිසක් මෙම ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් පෙනී සිටිති. විධායක ජනාධිපති ක‍්‍රමය අහොසි කිරීම වැනි විචිත‍්‍රවත් දවටනයක ඔතා ජනතාව ඉදිරියට ගෙනඑනු ලබන 20 වැනි සංශෝධනය යනු වෙනත් කිසිවක් නොව මධ්‍යම පර්යන්ත සබඳතා පිළිබඳ අනුකමිටු වාර්තාවේ අන්තර්ගත කරුණු ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට ගන්නා ලද උත්සාහයක් වන බැවින් එය රටේ භෞමික අඛණ්ඩතාව විනාශ කරන මර උගුලකි.
එබැවින් ගෙන ඒමට නියමිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැලැක්විය යුතු ව ඇත. ඒ සඳහා අවශ්‍ය බලපෑම් කිරීමේ බලය ඇත්තේ මේ රටේත් ජාතියේත් මුරදේවතාවුන් වහන්සේලා වන මහාසංඝ රත්නයට යි. රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් අනතුරට හෙළන මෙම ව්‍යවස්ථා සංශෝධන නවත්වා රටේ භෞමික අඛණ්ඩතාවත් ජනතා පරමාධිපත්‍යයත් සුරක්ෂිත කිරීම සඳහා එක් ස්ථානයකට වැඩම කොට අවශ්‍ය සාකච්ඡ පවත්වා ආණ්ඩුවටත් ජනතාවටත් අවශ්‍ය අනුශාසනා ලබාදෙන මෙන් මහාසංඝ රත්නයෙන් ඉල්ලා සිටීමට ජාතික සංවිධාන සම්මේලනය ඒකමතික ව තීරණය කොට ඇත.
ඒ අනුව 2018.05.03 වැනි දින පෙ.ව. 9.00ට කොළඹ, තුම්මුල්ල හන්දිය සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයට වැඩම කරන ලෙසට මහාසංඝ රත්නය වෙත ජාතික සංවිධාන සම්මේලනය ආරාධනය කර ඇත. මෙම නියෝජිත සග සමුඵව පිළිබඳ ව අස්ගිරි-මල්වතු දෙපාර්ශ්වයේ ම අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දැනුවත් කර ඇති අතර සමුඵවේ සාර්ථකත්වය සඳහා උන්වහන්සේලාගේ ආශීර්වාදය ලැබී ඇත.
ඒ අනුව මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අතිගරු අනුනායක පූජ්‍යපාද නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අතිගරු අනුනායක පූජ්‍යපාද වේඩරුවේ උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුඵ දිවයිනේ සම්භාවනීය මහාසංඝ රත්නයේ ප‍්‍රධානත්වයෙන් මෙම නියෝජිත සග සමුඵව පැවැත්වෙන බව ජාතික සංවිධාන සම්මේලනය දන්වා සිටී.
රියර් අද්මිරාල් සරත් වීරසේකර
ජාතික සංවිධාන සම්මේලනය වෙනුවෙන්
May 1, 2018
20 ට එරෙහිව සංග සම්මේලනයක් කැදවති.. අස්ගිරි-මත්වතු නායක හිමිවරුනුත් වඩිති..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
