ආණ්‌ඩුවෙන්ම තහනම් කළ ග්ලයිෆොසෙට් වැනි වල් නාශකයකට නැවතත් අනුමැතිය ලබා දෙයි නම් එවැනි ගොබ්බ තීරණ ගන්නා රජයකින් රටට යහපතක් සිදු නොවන නිසා මේ රජය වහාම ගෙදර යා යුතු යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
ග්ලයිෆොසෙට් සම්බන්ධ දැනුමැත්තන්ගෙන් කිසිවක් නොවිමසා රටේ ජනතාව ගැන ද නොසිතා හොර
රහසේ මෙවැනි තීරණ ගැනීම පිළිබඳව තමන් දැඩිසේ විරෝධය දක්‌වන බවද උන්වහන්සේ කීහ.
''ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර කමිටුවක් පත්කළා. එතැනදීත් අපි විරෝධය දැක්‌වූවා. ඒ කමිටුව මාස 6 ක් පමණ ඇදී ගියා. දැන් ග්ලයිෆොසෙට් සම්බන්ධව තීරණ ගන්න අලුත් විද්වත් කමිටුවක් පත් කරල තිබෙනවා. මමත් එහි සාමාජිකයකු වුණාට එයට සහභාගි වීමට මට ආරාධනා ලැබුණේ නැහැ.
මට දැනගන්නට ලැබුණු විදිහට ඒ කමිටුව ඉකුත් 01 වැනිදා රැස්‌වී තිබෙනවා. මෙවැනි තීරණ ගන්නා රජය මොකක්‌ද, මේ රට මොකක්‌ද කියලා මම දන්නේ නැහැ. මේ විදිහට රටක් රාජ්‍යයක් ගෙන යන්න බැහැ. ඒ නිසා කළ යුතුව ඇත්තේ නිවැරැදි තීන්දු මත සිට කටයුතු කළ හැකි පිරිසකට මේ රට භාරදී මේ අය ගෙදර යැම යෑයිද රතන හිමියෝ කියා සිටියහ.
කෙසේ වෙතත් අද (03 වැනිදා) පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවේදී ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු අනාවරණය කිරීමට සූදානම් බවද උන්වහන්සේ කියා සිටියහ.
(දිවයින)
May 2, 2018
'රජය වහාම ගෙදර යා යුතුයි' - රතන හිමි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
