එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තවදුරටත් උග්‍රවී ඇති අතර, නායකත්වය වෙනස් නොවන්නේනම් අනුප්‍රාප්තිකයෙකු නම් කරන ලෙස පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට යයි.
එසේ අනුප්‍රාප්තික නායකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම්කරන ලෙස ඔවුන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා
සිටීමට තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය සාර්ථක නොවීම හේතුවෙන් මේවනවිට එක්සත් ජාතික පක්ෂපසුපෙළ මන්ත්‍රීවරුන් 20ක් ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීම වර්ජනය කර තිබේ.
පක්ෂයේ අනුප්‍රාප්තියා පත්කරගැනීම නම් කිරීමෙන් හෝ ඡන්දයක් පවත්වා සිදුකරන ලෙසත්, මැතිවරණ ජයග්‍රහණ කටයුතු සියල්ල ඒ පුද්ගලයා වෙත පවරන ලෙසත් ඉල්ලා සිටීමට මෙම මන්ත්‍රීවරුන් කණ්ඩායම රැස්වී සාකච්ඡා කර තීරණයකට එළැඹ සිටිති.
එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය මෙහෙයවුවද පසුගිය වසර 03 තුළ එක්සත් ජාතික පාක්ෂිකයා වෙනුවෙන් කිසිදු කටයුත්තක් සිදුකර නොමැති බවත්, ඒවෙනුවෙන් ඉදිරි වසර එකහමාර තුළ පාක්ෂිකයා ශක්තිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භකරන ලෙසත් පක්ෂනායකත්වයෙන් ඉල්ලා සිටීමටද පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ.
පසුපෙළ වර්ජනයක :
එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇතුළු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ආණ්ඩුපක්ෂ කණ්ඩායමට පොරොන්දු වූ බවත්, එලෙස දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට මෙම කණ්ඩායම තීරණය කළ බවත් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරයෙක් 'අද' පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
ජනවරමින් ලැබුණු අග්‍රාමාත්‍ය තනතුරේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කළ යුතු අතර, කිසිසේත්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි නොපවසන බවද එම කණ්ඩායම පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ ප්‍රතිසංවිධාන සඳහා සජිත් ප්‍රේමදාස, රුවන් විජේවර්ධන සහ ජේ.සී. අලවතුවල ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු කිහිපයක් පත්කරන ලද අතර, එම කමිටුවාර්තා අතරින් රුවන් විජයවර්ධන කමිටුවාර්තාව ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් පක්ෂ නායකත්වයට බලකිරීමට තීරණය කර ඇත.
විශේෂයෙන්ම පක්ෂයේ සියලු නිලතල සඳහා පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමක් මගින් නිලධාරීන් තෝරා පත් කරගත යුතු බවට රුවන් විජේවර්ධන කමිටුව නිර්දේශ කර ඇත.
රුවන් විජේවර්ධන කමිටු වාර්තාව මෙන්න
May 2, 2018
'අනුප්‍රාප්තික නායකයා ලෙස සජිත්ව නම් කරන්න' - එජාප පසුපෙළ කියයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
