උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය අප්‍රේල් 10 වනදා මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ගම්මාන හා බෞද්ධ සිද්ධස්ථාන නිරීක්ෂණය කිරීම සඳහායැයි පවසමින් එම ප්‍රදේශවල සංචාරය කර ඇත.
මුලතිව් කෝකිලායි පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ඉඩම්
පරික්ෂාවකින් පසුව වැලිඔය ජනකපුර ප්‍රදේශයේ ඉඩම් පරික්ෂාවකට හා අවසානයේ දී කෝකිලායි සම්බෝධි විහාරයටද ගිය උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිස පන්සල් ඉඩම පිළිබඳව විමසා තිබේ.
මේ පිලිබදව කෝකිලායි සම්බෝධි විහාරයේ විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන්ගෙන් විමසීමක් සිදුකර සිටියා. එහිදී අප වෙත අදහස් දැක්වූ ඒ හිමියෝ සඳහන් කර සිටියේ උතුරු පළාතේ දේශපාලකයන් කිසිදු සහයෝගයක් පළාතේ ජීවත්වෙන සිංහලයන්ට හෝ විහාරස්ථානයට නොදක්වන බවත් සැමදාම සිදුකලේ බාදා කිරීම් බවත් ප්‍රකාශ කර සිටියා.
උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරු විශාල පිරිසක් විවිධ අවස්ථාවලදී විහාරස්ථානයේ සිදුවෙන ඉදිකිරීම් පිලිබදව විමසමින් ඒ සඳහා ලැබෙන උපකාර නැවත්වීම සඳහා කටයුතු කරන බවත් විහාරස්ථානය ස්ථාපිත කර ඇති ඉඩමේ අයිතිය පිලිබදව ඔවුන්ට ගැටළුවක් පවතින්නේනම් ඒ පිලිබදව විමසීම සඳහා රාජ්‍යාතන තිබෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා. එසේ නොකර රජයෙන් ලැබෙන දායකත්වය පිලිබදවත්, ඉඩම ලැබිච්ච ආකාරය පිලිබදවත් තමන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීම අවශ්‍ය නොවන බව ගුණරතන හිමි අවධාරණය කර සිටියා.
යුද්ධය නිමා වී වසර ගණනාවක් ගතවුවත් උතුරු පළාත් සභාව විසින් කෝකිලායි සිංහල ගම්මානයේ පොදු පහසුකම් සංවර්ධනය කිරීමට පියවර නොගෙන ඇති බවත් 2007 වසරේදී මෙම ප්‍රදේශය මහවැලි සංවර්ධන ව්‍යාපාරය සඳහා ගැසට් කර ඇති බව ප්‍රකාශ කර සිටි උන්වහන්සේ ප්‍රදේශය මහවැලි සංවර්ධන ව්‍යාපාරය විසින් සංවර්ධනය කිරීමටද දේශපාලකයන් බාදා කරන බව ප්‍රකාශ කර සිටියා. දිසාපති තුමියට ප්‍රදේශයේ සිංහලයන් පදිංචි කිරීමට කිසිදු සහයෝගයක් ලබා නොදෙන ලෙසට දෙමල ජාතික සංවිධානයේ මන්ත්‍රීවරු උපදෙස් ලබා දී ඇති බවටද දැනගන්නට ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.
විවිධ අවස්ථාවල මෙම දේශපාලකයන් පැමිණ සිදුකරන බාදා කිරීම් හේතුවෙන් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ විහාරස්ථානය සංවර්ධනය කරගෙන යනබවත්, උතුරු පළාතේ සිංහලයන් ජීවත්වෙන ආකාරය දැක බලා ගැනීමට පැමිණෙන ලෙසත් විහාරස්ථාන ගොඩ නැගීම සඳහා උදව් උපකාර කරන ලෙසත් රටේ ජීවත්වෙන සිංහලයන්ට උන්වහන්සේ ආරාධනා කර සිටියහ.
සංහිදියාවට මුලතිව් දිස්ත්‍රික්කයේ එකම විහාරය අදාළ නැද්ද?
ප්‍රදේශයේ කිසිම දේශපාලකයෙකුගෙන් කිසිදු උපකාරයක් විහාරස්ථානය වෙත හෝ සිංහලයන් වෙත මෙතෙක් ලැබී නොමැති බව සනහන් කර සිටි තිස්සපුර ගුණරතන හිමි, මධ්‍යම රජයෙන් 1970 වසරේදී නිවාස සංවර්ධන අධිකාරිය හරහා නිවාස 63ක් සාදා දී ඇති බවත් එම නිවාස ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දමා ඇති බැවින් නැවත ඉදිකර දීමට සුදානම් වූ අවස්ථාවේදී උතුරු පළාත් සභා දෙමල සන්ධාන මන්ත්‍රී රවිකරන් පැමිණ විරෝධය දක්වා නවතා දැමූ බවත් සඳහන් කර සිටියා.
උතුරු පළාතේ ද්‍රවිඩ දේශපාලකයන් සිංහලයන්ට විරුද්ධව ජාතිවාදීව කටයුතු කරනවාද?
මෙම දේශපාලකයන් පැහැදිලි ලෙසම ජාතිවාදීව කටයුතු කරනවා. මෙම ප්‍රදේශය මහවැලිය විසින් සංවර්ධනය කිරීමට සුදානම් වූ අවස්ථාවේ ඔවුන් පැමිණ සාමාන්‍ය දෙමල ජනතාවද සිංහලයන්ට විරුද්ධව කටයුතු කිරීමට පෙලෙබවූ බව වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.
-colombotoday
Apr 19, 2018
උතුරේ දේශපාලකයන්ගෙන් සිංහලයා ඉලක්ක කර එල්ලවෙන ජාතිවාදී තර්ජන -(Video)
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide