ජනපතිට හදිසි පණිවුඩයක් කියන්නැයි එංගලන්තයට දිවුව ඩිලාන්-චන්දිම එහේ දාන සෙල්ලම් මෙන්න..[Photo] - Neth News Blog

Apr 19, 2018

ජනපතිට හදිසි පණිවුඩයක් කියන්නැයි එංගලන්තයට දිවුව ඩිලාන්-චන්දිම එහේ දාන සෙල්ලම් මෙන්න..[Photo]

අතිශය වැදගත් පණිවුඩයක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පැවසීම යයි කියමින් හදිසියේම බි‍්‍රතාන්‍ය බලා ගිය ඩිලාන් පෙරේරා හා චන්දිම වීරක්කොඩි යන හිටපු ඇමතිවරුන් මෙම සටහන ලියවෙන මොහෙත තෙක් ජනාධිපතිවරයා හමුවී නැති බව එරටින් ලැබෙන වාර්තා සනාථ කරයි.

බි‍්‍රතාන්‍යයේ ඉගෙනුම ලබන සිය පුත‍්‍රයා බැලීම සදහා චන්දිම වීරක්කොඩි
මහතා පැමිණ ඇති බවත් ඩිලාන් පෙරේරා මහතාගේ බිරිදගේ සුවදුක් බැලීමට ඔහු එහි ගොස් ඇති බවද දැනගන්නට ඇත.

එහිදී මෙම ඇමතිවරුන් දෙදෙනා සාදයකට සහභාගී වන පින්තූර සමාජ ජාලවන්හි හුවමාරු වෙමින් තිබේ.

කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය ඇතලත් ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයා හමුවනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.






































- lankacnews