තෙල් මිල ඉහළ දැමීමේ හෝ නොදැමීමේ අවසන් තීරණය ගන්නේ අග්‍රාමාත්‍යවරයා හා ජනපතිවරයා එක්ව බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
අමාත්‍යවරයා මේබව කියා සිටියේ නව වසර සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකා
ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවක සේවිකාවන්ගේ අලුත් අවුරුදු සැමරීමේ උත්සවයට එක්වෙමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෝ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ලාභ ලබන ආයතන ලෙස පවත්වාගෙන යා යුතුද නැතිනම් මහජනතාවට සේවා සපයන ආයතන ලෙස පවත්වාගෙන යායුතුද යන්න ගැන මේ දක්වා කිසිම ආණ්ඩුවක් තීරණයක් ගෙන නැහැ. නමුත් එම තීරණය ආණ්ඩුවක් හැටියට ඉක්මනින්ම ගත යුතු වනවා. ඒ වගේම තෙල් මිල ඉහළ දමනවාද නැත්ද යන්න අද බොහෝ දෙනෙක් කථා කරන දෙයක්. මුදල් අමාත්‍යාංශයත් බලාධාරිනුත් ඒ ගැන අප සමඟ සාකච්ඡා කරනවා. නමුත් තෙල් මිල වැඩි කිරීමට හෝ අඩු කිරීම ගැන තීරණය ගත යුත්තේ ආණ්ඩුව විසින්. මේ රටේ කැබිනට් මණ්ඩලයත් අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් විසින්....”
අපි ඇවිත් ජයග්‍රහණ රැසක් ලැබුවා - ධම්මික රණතුංග
එම අවස්ථාවට එක්ව සිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා ද සේවක සේවිකාවන් අමතමින් මෙසේ කියා සිටියේය.
“අපි ඇවිල්ලා දැන් මාස 10 - 11ත් අතර කාලයක් ගතව තිබෙනවා. මේ කාල සීමාවේදී ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට අපට හැකි වුණා. අවුරුදු ගණනාවක් කිරීමට නොහැකි වුණු ව්‍යාපෘතීන් ගණනාවක් මේ වන විට එක්කෝ සැලසුම් කර තිබෙනවා. ආරම්භ කර තිබෙනවා. නැතිනම් අවසන් කර තිබෙනවා. උදාහරණ කිහිපයක් ගතහොත්, කටුනායක නව ගුවන්යානා හැසිරවීම් පථයෙහි ඉන්ධන සැපයුම් පද්ධතිය ඉඳි කිරීමේ ගිවිසුම දින 45ක් තුළදී ටෙන්ඩර් කැඳවා අත්සන් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකි වුණා. රටට ඩොලර් මිලයන 2ක් පමණ ඉතිරි කර දී තිබෙනවා. ඒ වගේම JIG ආයතනය 2001 වර්ෂයේදී නිර්දේශ කළ ගුවන් යානා ඉන්ධන පෙරන පද්ධතිය ඉඳිකිරීම අපි එනතුරුම ආරම්භ කර තිබුණේ නැහැ. එය මාස හතරක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට අපිට හැකි වුණා. අපි මේ වන විට කොලොන්නාවේ ඉන්ධන ටැංකි පද්ධතියක් සැදීම ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ එහි පළමුවැන්නේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වනවා. තවත් හතක් ආරම්භ කිරීමට මූලික සැලසුම් සකස් කරමින් සිටිනවා.....”
Apr 19, 2018
තෙල් මිල වැඩිකිරීම අගමැති හා ජනපතිගෙ වැඩක් - අර්ජුන
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide