උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් පිරිසක් ඊයේ (10) මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ගම්මාන හා බෞද්ධ සිද්ධස්ථාන වෙත සංචාරයක නිරත වී තිබෙනවා.
මුලතිව් කෝකිලායි පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ඉඩම් පරික්ෂාවකින් අනතුරුව වැලිඔය ජනකපුර ප්‍රදේශයේ ඉඩම් පරික්ෂාවක
හා ඉන් අනතුරුව කෝකිලායි සම්බෝධි විහාරයටද මෙම පිරිස පැමිණ තිබෙනවා. එහිදී උතුරු පළාත් සභා මන්ත්‍රිවරුන් පිරිස පන්සල් ඉඩම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සංචාරයට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්යකලිංගම්, ටී.රවිකරන්, ජී.ටී.ලිංගනාදන් ඇතුලු පිරිසක් සහභාගී වී තිබෙනවා.
එහිදී කෝකිලායි සම්බෝධී විහාරයේ විහාරාධිපති පූජ්‍ය ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් හමු වී සම්බෝධි විහාරයේ ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව විමසා ඇති අතර මන්ත්‍රිවරුන් පිරිස කියා ඇත්තේ එම ඉඩම අයිති පුද්ගලයා දෙමළ වැසියෙකු බවයි.
එහිදී ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් මන්ත්‍රිවරුන්ට පවසා ඇත්තේ තමන්ට මෙම ඉඩම නීත්‍යානුකූලව මැරටියන්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලැබුනු බවත් ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව මීට පෙර මුලතිව් අධිකරණයේ නඩුවක්ද ගොනු කොට තිබුනත් පසුකාලීනව එම නඩුව ඉල්ලා අස්කරගෙන ඇති බවයි. පන්සල හරහා දෛනිකව සිංහල සහ දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරමින් සිටින බවද සඳහන් කර තිබෙනවා.
Apr 11, 2018
TNA පළාත් සභා මන්ත්‍රිවරු කෝකිලායි පන්සලේ - විහාරාධිපති හිමිගෙන් ප්‍රශ්න කරයි (PHOTOS)
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide








