යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ ඊයේ (10) රාත්‍රියේ යතුරුපැදි කල්ලියකින් පැමිණි පිරිසක් තරුණයෙකුට තියුණු ආයුධ වලින් පහර දී පලා ගොස් ඇති බවට තෙලිප්පලෙයි පොලීසිය කියා සිටියේය.
තෙලිප්පලෙයි කලෙයිවානි පුස්තකාලය අසලදී ඊයේ රාත්‍රී 8.00ට පමණ මෙම පහර දීම සිදු කොට ඇති අතර පහරදීමෙන් කැපුම් තුවාල ලබා ඇත්තේ
තෙලිප්පලෙයිහි පදිංචි 19 හැවිරිදි රවිචන්ද්‍රන් ලක්ෂාණ් නැමිති තරුණයෙකි.
අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පහර කෑ තරුණයා පොලීසියට පවසා ඇත්තේ යතුරුපැදි කිහිපයකින් පැමිණී පිරිසක් එකවරම තමන්ට පහරදීම හේතුවෙන් පහරදුන් අය නාදුනන බවටයි.
පහර දීමෙන් තුවාලලැබූ තරුණයා මේ වන විට තෙලිප්පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබන අතර අදාල පහරදීම ආවා කල්ලියේ සාමාජිකයින්ගේ ක්‍රියාවක් බවට සැකකරන බවටත් එම පිරිස් හඳුනාගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවටද තෙලිප්පලෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
Apr 11, 2018
යාපනයේ අවා කල්ලිය යලි ක්‍රියාත්මකයි.. තරුණයෙකු කපා පලා යයි…
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
