පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත් කරන ලෙසට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් මගින් අද (19) උදෑසන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් විසි දෙනකුගේ අත්සනින් යුතු මෙම යෝජනාව අද (19)
උදැසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් අරලිය ගහ මන්දිරයේදී භාරදී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු නියෝජ්‍ය කතානායක, තිලංග සුමතිපාල මහතා ඇතුළු 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය පුරප්පාඩු විය.
මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස පත් කිරීමේ යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බහුතරයේ ද සහය මේ වන විට හිමිව තිබෙන බවත් ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකගේ සහයද ලැබීමට නියමිත් බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා තිලංග සුමතිපාල මහතා සක්‍රීය ලෙස මැදිහත් වූ බවත් එය නියෝජ්‍ය කතානායක ධූරය දරන්නෙකුට සුදුසු නොවන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.
නියෝජ්‍ය කතනනයක තිලංග සුමතිපාල මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් සැලසුම් කර තිබෙන බවද එම ප්‍රකාශකයා සදහන් කළේය.
– ජයකාන්ත ලියනගේ
Apr 19, 2018
මුජිබර්ට නියෝජ්‍ය කතානායක පින පෑදේ..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide