අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් තරග පාවාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා එක්දින පිල නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු වන මෙම ක්‍රීඩකයා මේ දක්වා නිල වශයෙන් ක්‍රීඩාවෙන් සමුගෙන නොමැති අතර ඔහු
අන්තර් සමාජ තරගාවලියට ද සහභාගි වන බවයි වාර්තා වන්නේ.
එම ක්‍රීඩකයා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට ඇතුළත් වූ අයෙක්.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් අවස්ථා තුනකදී ආදාළ ක්‍රීඩකයාගෙන් ප්‍රශ්නකර ඇති අතර ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් ඒ සඳහා හේතු වී ඇති බව පැවසනෙවා.
කෙසේ වෙතත් ප්‍රශ්න කිරීම්වලදී අදාළ ක්‍රීඩකයා එවැනි සිද්ධියකට සම්බන්ධ නොවූ බවට හෙළී වී ඇති බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති මොහාන් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා ඇත්තේ එතුමා ඒ සම්බන්ධයෙන් දැනුවත්කර නොමැති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි සිල්වා මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට උත්සාහ කළ ද ඔහු මේ වන විට විදේශගතවී සිටියි.
Apr 17, 2018
මුදලට තරග පාවාදීම ගැන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගෙන් ICC ප්‍රශ්න කරයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide