ඇප කොන්දේසි සැපිරීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ දිනයේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා අද දිනයේ ඇප මත මුදා හැර තිබේ.
අදාල ඇප කොන්දේසි නිසි පරිදි සම්පුර්ණ කර අධිකරණයට බාර දීමෙන්
පසු මන්ත‍්‍රීවරයා මෙසේ මුදා හැර ඇත.
ඊයේ දිනයේ මන්ත‍්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කරන ලදී.
මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ ගිය රජයේ ඇමතිවරයෙක්ව හිදිමින් මිලියන 39ක රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි චෝදනාව මතයි.
අදාල මුදල් පොදු දේපල පනතට අයත් නොවන්නේ යයි පවසමින් අධිකරණය විසින් මන්ත‍්‍රීවරයා රුපියල් 35000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5ක් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියද ඇප කොන්දේසි සැපිරීමට නොහැකි වීමෙව් අද දිනය දක්වා රක්‍සිත බන්ධනාගාරගත කරන ලදී.
Apr 16, 2018
මහින්දානන්දට ඇප.. මල්ලත් අරගෙන ගෙදර යයි..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide