පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ කටයුතු අතටගෙන ක්‍රියා කරනු ලබන පොලිස් පරීක්ෂකවරයකු (IP) කෙනෙකු සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස් කොමිසමට පැමිණිළි කර ඇතැයි පැවසේ.
මේ තරුණ පොලිස් පරීක්ෂකවරයා (IP) පොලිස්පතිවරයාගේ කිට්ටුවන්තයකු බව පැවසෙන අතර ඔහු පොලිස්පතිවරයාට නියෝජ්‍ය
පොලිස්පතිවරුන් විසින් යනු ලබන රහස්‍ය ලියකියවිලි පවා කියවන බව වාර්තා වේ.
එසේම, පොලිස්සියේ ඉහල නිලධාරීන්ගේ සිට ස්ථාන මාරුවීම් ලබාදීමට මොහු මැදිහත්වන බවට ද මේවන විට චෝදනා එල්ලවී තිබේ.
පොලිස්පතිට එරෙහිව SSP ලා නඩුදාලා
මේ අතර, වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අනුමැතිය දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මාස එකහමාරක් තිස්සේ එම තනතුරුවලට පත් නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් කිහිපදෙනෙකු පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සූදානම්වන බවද වාර්තා වේ.
පසුගිය 23 වැනිදා ජාතික පොලිස් කොමිසම අවසන් වරට රැස්වූ අවස්ථාවේදීද අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්දෙනා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කරන ලෙස පොලිස්පතිවරයාට අවසන් නිවේදනය ලබාදී තිබිණි.
කිලිනොච්චිය කොට්ඨාස භාර පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන හා පොලිස් දුක්ගැනවිලි අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා යන මහත්වරුන්ට උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සිය විරෝධය පලකර තිබේ.
පොලිස්පතිවරයාගේ මේ විරෝධතාවයට හේතුවී ඇත්තේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2016 ජුනි 18 වැනිදා පැවැති රැස්වීමකදී පාලිත සිරිවර්ධන මහතා කිලිනොච්චි කොට්ඨාසයෙන් ඉවත් කරන බවට පොලිස්පතිවරයා කළ ප්‍රකාශයකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම එක් හේතුවකි.
එහිදී අධිකරණය ඔහු අදාළ කොට්ඨාසයෙන් ඉවත් කළ නොහැකි බවට තීන්දු කර තිබිණි. ඉන් පසුව තමාට එරෙහිව අවස්ථා කිහිපයකදී නීති විරෝධී ලෙස විමර්ශන කළ බවට ද පාලිත මහතා පොලිස් කොමිසමට දැනුම් දී තිබේ.
එසේම ගාමිණී පෙරේරා මහතා යාපනය කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ලෙස කළ ස්ථාන මාරුවක් ඔහු විසින් පොලිස් කොමිසමට අභියාචනයක් කර අහෝසි කර ගැනීමද හේතුවී ඇත.
Apr 25, 2018
නිල නොවන පොලිස්පති කෙනෙක් ගැන DIG ලා හෙළිකරලා !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
