කල් තැබූ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ හා මන්ත්‍රීවරුන් ගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඕනෑම මැතිවරණයක් කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනි
යෑයිද එම නිසා ජුනි මාසය අවසානයට පෙර අවශ්‍ය පනත් සංශෝධනය කර අවසන් කළහොත් ඔක්‌තෝබර් මාසයේ නාමයෝජනා පත්‍ර කැඳවා දෙසැම්බර් මාසයේදී පාසල් විභාගයට පෙර ඡන්ද විමසීම සිදු කළ හැකි බව ද සභාපතිවරයා පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
ඉකුත් ඔක්‌තෝබර් මාසයේදී පළාත් සභා තුනක මැතිවරණය කල් තබා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට පනත් සම්මත කළ බවද අද වනවිට එහි සීමා නිර්ණ අවසන් කර වාර්තාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද දේශප්‍රිය මහතා පවසනවා.
නව මැතිවරණ ක්‍රමය පිළිබඳ විවිධ මත පළවී ඇති නිසා දැනට රට හමුවේ පවතින විකල්ප ක්‍රම හතරෙන් එකක් තෝරා ගෙන පාර්ලිමේන්තුවට එය සම්මත කර ක්‍රියාත්මක කළ හැකි බව ද සඳහන් කළා.
දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සීමා නීර්ණ වාර්තාව විශේෂ බහුතරයකින් සම්මත කර දීම, එසේ නොමැති නම් අගමැතිවරයා පත් කරන කමිටුවකින් කඩිනමින් වාර්තා ලබාගෙන ඊට අදාළ සංශෝධන සකස් කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම, සියයට පනහට පනහ මැතිවරණ ක්‍රමය කඩිනමින් සංශෝධනය කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම හෝ සම්මත කර ඇති නව මැතිවරණ ක්‍රමය අහෝසි කර යළි මනාප ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කර ගැනීම එම විකල්ප වන බවද හෙතෙම කියා සිටියා.
ඉහත විකල්පවලින් ඕනෑම එකක් අවශ්‍ය නම් ජුනි මාසය අවසන් වීමට පෙර සම්මත කර ගැනීමට හැකියාව ඇති බවද සභාපතිවරයා පැවසුවා.
මැතිවරණය ඉක්‌මනින් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම පෙනී සිටින බවද ඒ සඳහා නෛතික වාර්තා ඉක්‌මනින් අවසන් කිරීමට පාර්ලිමේන්තුව පියවර ගත යුතු බව ද ඒ මහතා කියා සිටියා.
Apr 25, 2018
මැතිවරණ කොමසාරිස් ඡන්දයක් ඉල්ලයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
