එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් මහතාද මහලේකම්වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද පක්ෂයේ දේශපාලන උපදේශන මණ්ඩලය විසින් ඊයේ (25) තෝරා පත් කර ගැණිනි.
පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් වුයේ අමාත්‍ය නවීන් දිසානායක
මහතාය. මහා භාණ්ඩාගාරික ලෙස රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාද තේරී පත් විණි.මෙම තෝරා ගැනීම් සිදු වුයේ දේශපාලන උපදේශන මණ්ඩලයේ වැඩි කැමැත්ත මතය පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද උප නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාද දේශපාලන මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් යළි තේරි පත් විය.
මෙම තනතුරු අද (26) රැස් වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනිමට නියමිතය..
සෙසු නිලතල සඳහා අද පැවැත්වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි තෝරා පත් කර ගැනිමට තීරණය විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි දේශපාලන උපදේශන මණ්ඩලය රැස් විණි. පුරා පැය දෙකකට අධික කාලයක් රැස්විම පැවැත්විණි.
Apr 25, 2018
Home
Unlabelled
අකිලට, රුවන්ට අලුත් තනතුරු… කබීර්ට උසස්වීමක්… රවී, සජිත් වෙනස් නොවෙයි… එජාපයේ රැඩිකල් වෙනස මෙන්න
අකිලට, රුවන්ට අලුත් තනතුරු… කබීර්ට උසස්වීමක්… රවී, සජිත් වෙනස් නොවෙයි… එජාපයේ රැඩිකල් වෙනස මෙන්න
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
