හිටපු යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂ CID අත්අඩංගුවට ගනියි - Neth News Blog

Apr 5, 2018

හිටපු යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂ CID අත්අඩංගුවට ගනියි

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමට අදාළව හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට ආධාර අනුබල දීම ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි.

අමල් කරුණාසේකර යුද හමුදා රෝහලට ඇතුලත්ව සිටියදී අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියා සිටියේය.

මේ වන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.

මේ පිළිබඳ ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත දැනුම්දීමට නියමිත බවද පොලිසිය කියා සිටියේය.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමට ලක්වූයේ 2008 වසරේ මැයි මස 22 වැනිදාය.