අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසීමේදී අතුරලියේ රතන හිමියන් ඡන්දය දීමට නොපැමිණීම (ඇබ්සන්ට්) නිසා උන්වහන්සේගේ මන්ත්‍රීධූරය අහෝසිවන තත්ත්වයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
ඒ ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී අලියා ලකුණින් තරග වැඳුනු එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට විපක්ෂව ඡන්දය ලබාදීමට තීන්දුකර තිබියදී උන්වහන්සේ ඡන්දය දීමට නොපැමිණීම නිසාය.
ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයකට අනුව පාර්ලිමේන්තුවට පත්ව සිටින රතන හිමිගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහා එජාප නායකත්වය නීති අංශවෙත උපදෙස් දී ඇතැයි ද මේ අතර වාර්තා වේ.
ඉරිතුනේ නියෝගය
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය දියයුතු බවට වන ඉරි තුනේ නියෝගයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අප්‍රේල් 03දා නිකුත් කරනු ලැබ තිබිණ.
ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායකයා විසින් එම නියෝගය යොමුකර තිබුනේ ලියාපදිංචි තැපෑලෙනි.
වැදගත් ජන්ද විමසීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂ සංවිධායක විසින් ඉරි තුනේ නියෝගයක් නිකුත් කරනු ලබන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රධාය අනුවයි.
ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක නිකුත් කරන ඉරි තුනේ නියෝගයට එරෙහිව යම් මන්ත්‍රීවරයකු හෝ ඇමතිවරයකු ක්‍රියා කළ හොත් එම මන්ත්‍රීවරයාට එරෙහිව නීති පියවර ගැනීමේ ප්‍රධානතම සාක්කිය ලෙස මෙය යොදා ගැනීමේ හැකියාව පවතින බව සභා නායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබිණි.
Apr 5, 2018
රතනහිමිගේ මන්ත්‍රී ධූරය අනතුරේ !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
