යහපාලනයෙන් රටට වුණේ මහ විනාශයක්… රටට කිසි සෙතක් වුණේ නෑ – රවී කරුණානායක - Neth News Blog

Apr 18, 2018

යහපාලනයෙන් රටට වුණේ මහ විනාශයක්… රටට කිසි සෙතක් වුණේ නෑ – රවී කරුණානායක

එදා බලය ගත්තේ විහිළු කරන්න නොවන බවත් අද වන විට යහපාලනය විහිළුවක් වී ඇති බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (18) පැවසීය.

“ආණ්ඩුව හදපු අපිට අමාත්‍යංශයක් ලබා දීමට ඇති අකමැත්ත කුමක්දැයි”
මාධ්‍යවේදියෙකු “අමාත්‍යංශයක් ලබාදීමට ජනාධිපතිවරයා කැමතිදැයි” නැගූ ප්‍රශ්නයකට පෙරලා පිලිතුරු ලබා දුන් කරුණානායක මහතා පැවසීය.

යහපාලනයේ විනාශකාරී ගමන නිසා ප්‍රතිලාභ ලැබුණේ විපක්ෂයට පමණක් බව සදහන් කර සිටි මන්ත්‍රීවරයා “රටට කිසි සෙතක් වුනේ නෑ කියන එක මං ඉතාමත් ඕනෑකමෙන් කියනව. මේක යහපාලනයක් නොවෙයි” යැයිද මාධ්‍ය වෙත අදහස් පල කරමින් පැවසීය.