ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරු විපක්ෂයට ගියහොත් ඇතිවන තත්ත්වට මුහුණදීමට එජාපය සූදානම් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුවද තවත් කොටසක් ඉදිරියටත් එජාපය සමග ජාතික ආණ්ඩුව තුළ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත්
පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම ඊයේ(18දා) බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
විශ්වාසභංගයට පෙර දෙමළ සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටින බවත්, එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ඊට සහය දෙන බවත් ඒකාබද්ධ විපක්ෂය කියා සිටියත් ඒ කිසිවක් සිදු වූයේ නැති අතර, එජාපයේ සියලු දෙනා විශ්වාස භංගයට එරෙහිව ඡන්දය දුන් බවත් කිරිඇල්ල මහතා එහිදී ප්‍රකාශ කළේය.
පළාත් සභා ඡන්දය පරණ විදියටම !
ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමය අනුව පැවැත්වීමට සියලු පක්ෂ එකඟතාව පළකර තිබෙන බව ද ඇමතිවරයා එහිදී පැවසිය.
Apr 18, 2018
'එජාපය, ශ්‍රීලනිපය සමග ඉදිරියට යන්න සුදානම්' - කිරිඇල්ල
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide